චන්දිමාල්, චන්දික හා අසංකට ICC යෙන් තරග 06 ක තහනමක් - Neth News Blog

Jul 16, 2018

චන්දිමාල්, චන්දික හා අසංකට ICC යෙන් තරග 06 ක තහනමක්

ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්, පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ කළමනාකරු අසංක ගුරුසිංහ හට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ටෙස්ට් තරග දෙකක් සහ එක්දින තරග 04 ක තහනමක් පනවා තිබෙනවා.

ක්‍රිකට් ක්‍රීඩාවේ ජිව ගුණයට හානි වන අයුරින් කටයුතු කළ බවට එල්ලවූ චෝදනා හේතුවෙන් ICC ය පැවැත්වූ විමර්ශනයෙන් අනතුරුව එහි ප්‍රධානි
මයිකල් බෙලොෆ් විසින් මෙම දඬුවම නියම කර තිබෙනවා.

ඉකුත් බටහිර ඉන්දීය කොදෙව් තරගයේ දෙවන ටෙස්ට් තරගයේ තුන්වන දිනයේදි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත වෙලාවට තරගය ආරම්භ කිරීමට නොපැමිණ පැය දෙකක කාලයක් ප්‍රමාද වීම හේතුවෙන් ICC ය විසින් ස්වාධින කොමිසමක් පත්කරන ලදියි.