ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සමාගම වහාම ක්‍රියාත්මක වන පරිදි Samsung Note7 ජංගම දුරකථන ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා ගුවන් යානාවන් හි රැගෙන යාම සම්පූර්ණයෙන් තහනම් කර තිබෙනවා.
මෙම තහනම පනවා ඇත්තේ මෙම උපාංග විදුලි බලය හා සම්බන්ධ වීමේ දී වාර්තා වූ පිපිරීම් සිද්ධීන් කිහිපයක් පදනම් කරගනිමින්.
ගුවන් මගීන්ගේ ආරක්ෂාව ගුවන් සමාගමේ ප්‍රධානම ප්‍රමුඛතාවය වන හෙයින් ගුවන් මගීන්ට මෙම උපාංග ගුවනේ රැගෙන යාම සහ භාවිත කිරීම සම්පූර්ණයෙන්ම නවතා දමන ලෙස උපදෙස් ලබාදී ඇති අතර මේ සඳහා ගුවන් මැදිරි කාර්ය මණ්ඩලයේ සහාය ද ගුවන් මගීන්ට ලබාදී තිබෙනවා.
ගුවන් සමාගම විසින් මෙම සම්පූර්ණ තහනම පැනවීමත් සමග පිරික්සුම් කවුන්ටරවල පොස්ටර් ඇතුළු ගුවන් ගත වීමට පෙර ලබාදෙන නිවේදන හරහා ගුවන් මගීන්ව මේ පිළිබද දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවත් සඳහන්.
Oct 18, 2016
Home
Unlabelled
ශ්‍රී ලංකන් ගුවන් යානා තුළ Samsung Note7 සම්පූර්ණයෙන් තහනම්
ශ්‍රී ලංකන් ගුවන් යානා තුළ Samsung Note7 සම්පූර්ණයෙන් තහනම්
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.