නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීමේ යෝජනාවක් පසුගිය වසර ආරම්භයේ පාර්ලිමේන්තුවට ඉදිරි පත්වූ මොහොතේ ඊට විරුද්ධ නොවී මාර්තු මස නම වැනිදා එම යෝජනාව ඒකමතිකව සම්මත කිරීමට සහය පළකළ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඇමතිවරු පිරිස දැන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය නැති බව පැවසීම පුදුමයට කරුණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතා පවසයි.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ජනමත විචාරණයක් අනවශ්‍ය බවත් අවශ්‍යවන්නේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නොව පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධනයක් පමණක් බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් කිහිපදෙනෙකු විසින් කරන ලද ප්‍රකාශ පිළිබඳව දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය පිළිබඳව 'බිබිසි සංදේශය' කළ විමසීමකදීය.
ව්‍යවස්ථා මණ්ඩලයක් :
"ඒ යෝජනාව තුලින් තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයක් පිහිටුවල නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හැදීම දැන් කරගෙන යන්නෙ. ඒ යෝජනාවේ පැහැදිලිව කියල තියනව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පළමුවෙන්ම පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය අරගෙන ඉන් පසුව ජනමත විචාරණයකට යනව කියල. පැහැදිලිවම" යනුවෙන් පැවසූ මන්ත්‍රීවරයා, පාර්ලිමේන්තුවේදී ඒකමතිකව තීන්දුවක් ගැනීම සඳහා සහය ලබාදී දැන් දේශපාලන වාසි සඳහා වෙනත් අදහස් ප්‍රකාශ කිරීම නිවැරදි ක්‍රියාවක් නොවන බවද පැවසීය.
උතුරු නැගෙනහිර ගැටළුවට දේශපාලන විසඳුම වශයෙන් සරත් අමුණුගම අමාත්‍යවරයා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යෝජනා කරන 'දහතුන් වැනි සංශෝධනය පුර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීම' පිළිබඳව විමසූ අවස්ථාවේ සුමන්තිරන් මන්ත්‍රීවරයා කියා සිටියේ එය වැරදි මතයක් බවය.
බලය බෙදීමේ පොරොන්දුව:
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පවා යෝජනා කළේ දහතුන් වැනි සංශෝධනයෙන් ඔබ්බට ගොස් බලය බෙදීම අර්ථවත් කිරීම බව පැවසූ ඔහු, ශ්‍රී ලංකාවේ රජය දෙමළ ජනතාවටත් පොදුවේ සමස්ථ ලෝකයටත් දුන් අර්ථවත් ලෙස බලය බෙදීමේ පොරොන්දුව ඉටු වනු දැකීම දෙමළ ජාතික සන්ධානයේ අපේක්ෂාව වන බව වැඩිදුරටත් පැවසීය.
දහතුන් වැනි ආණ්ඩුක්‍රම සංශෝධනය ක්‍රියාත්මක කිරීම යෝග්‍ය බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යෝජනා කරන්නේ නම් එය තුළම උතුරැ- නැගෙනහිර පළාත් එකතු කිරීම අන්තර්ගතව ඇති බව සුමන්තිරන් මන්ත්‍රීවරයා වැඩි දුරටත් පෙන්වා දුන්නේය.
විධායක ජනාධිපති ධූරය :
විධායක ජනාධිපති ධූරය පවත්වාගෙන යායුතු බවට ඇතැම් දේශපාලනඥයන් කරන යෝජනාව පිළිබඳව දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය කුමක් දැයි විමසූ විට ඔහු කියා සිටියේ, විධායක ජනාධිපතිධුරය අහෝසි කරන බවට දුන් පොරොන්දුව නිසා ඉකුත් ජනාධිපතිවරනයේදී පොදු අපේක්ෂකයා ලෙස පැමිණි මෛත්‍රීපාල සිරිසේන වර්තමාන ජනාධිපතිවරයාට සහය පළ කළ බවය.
(බීබීසී සංදේශය)
Jan 16, 2017
Home
Unlabelled
නව ව්‍යවස්ථාව : ශ්‍රීලනිප ස්ථාවරය ගැන සුමන්තිරන් විමතියෙන්
නව ව්‍යවස්ථාව : ශ්‍රීලනිප ස්ථාවරය ගැන සුමන්තිරන් විමතියෙන්
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
