රජයේ සංස්ථා මාස 8ට කෝටි 8000කට වැඩියෙන් ණය ගනී - Neth News Blog

Dec 27, 2016

රජයේ සංස්ථා මාස 8ට කෝටි 8000කට වැඩියෙන් ණය ගනී

2016 වසරේ ගෙවීගිය මුල් මාස 8ක කාලය තුළ රාජ්‍ය සංස්ථා වානිජ බැංකුවලින් රුපියල් කෝටි 8150ක ණය මුදලක් ලබාගෙන ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

එම ණයවලින් වැඩිම ණය මුදල් ලබා ගත් සංස්ථා හතර වන්නේ ශ්‍රීලන්කන් ගුවන් සමාගම, ලංකා පොහොර සමාගම, කොළඹ වානිජ පොහොර සමාගම සහ ශ්‍රී ලංකා නැව් සමාගම යන ආයතන වේ.
ශ්‍රීලන්කන් ගුවන් සමාගම වානිජ බැංකුවලින් රුපියල් කෝටි 560ක්ද, ලංකා පොහොර සමාගම රුපියල් කෝටි 400ක්ද, කොළඹ වානිජ පොහොර සමාගම රුපියල් කෝටි 340ක්ද ශ්‍රී ලංකා නැව් සමාගම රුපියල් කෝටි 340ක්ද වශයෙන් ණය ලබාගෙන තිබේ.