පොලිස් ප්‍රධානීන් කිහිපදෙනෙකු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ පැමිණිලි කිහිපයක් අතුරුදහන්වී ඇතැයි පොලිස් දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
ඒ අතර ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාගේ අධ්‍යාපන සුදුසුකම් පරික්ෂා කරණ ලෙස පැමිණිළි කළ
පොලිස් සැපයුම් අංශයේ අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ක්‍රියා කලාපයන් සම්බන්ධයෙන් වූ පැමිණිල්ලක් ද ඇතැයි පැවසේ.
මෙසේ අතුරුදහන්ව ඇතැයි පැවසෙන්නේ ප්‍රියන්ත මහතා යටතේ වැඩකළ පොලිස් කොස්තාපල්වරියකගේ පියෙකුට හිමි කොම්පැනියකට පොලිස් ටෙන්ඩර් ලබාදීමේ සිද්ධියකි.
පොලිස් සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයා ලෙස වසර හයක කාලයක් එම ධූරය ඉසිලීම සාධාරණ නොවන බව දක්වමින් ප්‍රියන්ත මහතාට එරෙහිව පොලිස් කොමිසමට හා පොලිස්පතිවරයාට ද පැමිණිලි ඉදිරිපත්ව ඇති බවද මේ අතර වාර්තා වේ.
කෙසේවුවද, පසුගියදා “නෙත්නිවුස්” දක්වා තිබුණේ පුවර්තන දිසාව භාර වැඩබලන නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ස්ථාන මාරුවක් ලබාදෙන ලෙස ජාතික පොලිස් කොමිසමෙන් ඉල්ලා ඇති බවයි.
ඔහු අදාළ ධූරයේ වසර 06ක සිට කටයුතු කරන බැවින් මේ ස්ථාන මාරුව ඉල්ලා ඇති බවද එහි දක්වා තිබිණි.
ඔහු සම්බන්ධයෙන් අතෘප්තියට පත් කිසියම් පිරිසක් නිර්නාමික පෙත්සම් හා පුවත් පළ කරන බවද පොලිස් කොමිසමට යැවූ ලිපියේ ඇතැයි නෙත් පුවතේ දක්වා තිබිණි.
ඔහු අදාළ පෙත්සම් සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමෙන්තුව විමර්ශනයක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් කනස්සල්ලෙන් සිටින බවද එම පුවත මගින් වාර්තා කර තිබේ.
පොලිස්පතිවරයා, ප්‍රියන්ත වීරසූරිය මහතාට ස්ථාන මාරුවක් ලබාදුනහොත් අදාළ ධූරයට සුදුස්සෙකු නොවන බව දක්වමින් ඔහුට ස්ථානමාරු ලබා නොදී සිටින බවද පැවසෙන අතර පොලිස් දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලින් වාර්තාවන්නේ නියෝජ්‍ය පොලිස්පතිවරු වන නුවන් වෙදසිංහ, චන්දන අලහකෝන් හා සුසන්ත නාගහමුල්ල වැනි අය මේ සම්බන්ධයෙන් දක්ෂතා ඇති අය බවයි.
Jul 16, 2018
DIG ප්‍රියන්තට එරෙහි පැමිණිල්ලක් අතුරුදහන් ?
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
