හලාවත මාදම්පේදී පැවති ‘එළිය’ සම්මන්ත‍්‍රණය ඇමතූ ආචාර්ය නාලක ගොඩහේවා මහතා මෙම අදහස් පල කලේය.
ආණ්ඩුව මාව දින 45 ක් හිරේට දැම්මාම කම්පා වුණේ නැහැ. නමුත් මම කම්පා වූ දින දෙකක් තිබෙනවා. ඒ පළමු දිනය තිමයි 2015 ජනවාරි 8 වැනිදා මහින්ද මැතිතුමා පරාජය වීම. දෙවැනියට කම්පා වූ දවස තමයි හම්බන්තොට වරාය ආණ්ඩුව චීනයට පවරා
දීම. මහින්ද මහතාට යළිත් බලයට එන්න පුළුවන්. නමුත් හම්බන්තොට චීනයට දුන්නාම ආයෙත් ගන්න බැහැ. දැන් මත්තලත් විකුණන්න ලෑස්ති වෙනවා.
එදා අපි 2015 දී භාර ගත්තේ විනාශ වූ රටක්. මහින්ද චින්තන වැඩපිළිවෙළ යටතේ ඒක වෙනස් කරන්න හැකිවුණා. දකුණු ආසියාවේ දෙවැනි තැනට එන්න ආර්ථික සැලැස්මක් එදා තිබුණා. යටිතල පහසුකම් සංවර්ධනය වුණා. අධිවේගී මාර්ග, වරාය, ගුවන්තොටුපළ හැදුවේ අනාගතයේ සුපිරි රටක් බිහි කරන්නයි. නමුත් වත්මන් රජය මේවා විකුණන්න යනවා.
මත්තල හදන්න ගියේ රුපියල් බිලියන 30 යි. වත්මන් රජය බලයට ආවාම පසුව රාජපක්‍ෂලාට අපහාස කරන්න වරාය නගරය නතර කළා. යළිත් වරාය නගරය චීනයට ලබාදුන්නා. එදා වරාය නගරය නතර කළාට චීනය රුපියල් බිලියන 23 ක් ඉල්ලූවා.
ශ‍්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානා ඇණුවම අවලංගු කළා. ඇණවුම නතර කිරීමේ වන්දිය රුපියල් බිලියන 17 යි. මේ වන්දි දෙකේ එකතුව රුපියල් බිලියන 40 යි. මත්තල හදන්නේ ගියේ රුපියල් බිලියන 30 යි. මෙන්න මේවා තමයි ආණ්ඩුව කරන අපරාධ.
අපිට සබ්මැරීන් යුද්ධයකට මුහුණ දෙන්්න වෙයි කියලා දැන් අගමැතිවරයා කියනවා. එක පැත්තකින් වරාය චීනයට දීලා, අනික පැත්තෙන් ගුවන් තොටුපළ ඉන්දියාවට දුන්නාම මේ සුපිරි බලවතුන් දෙන්නාගේ අරගලයක් තිබෙනවා. වරායට ආරක්‍ෂාව සැපයීම නාවික හමුදාව කළත් ඒක කරන්නේ චීනයට අයිති ඉඩමේ සිටයි. අපේ නාවික හමුදාව අදටත් චීනයට බිම් කුලිය ගෙවනවා. මේ ගිවිසුමෙන් අපිට ලැබිලා තිබෙන්නේ වියදමක් පමණක්. ලාභ ලැබෙන සියල්ල දීලා තිබෙන්නේ චීනයටයි.
ගුවන් තොටුපළෙනුත් අපිට ලැබෙන දෙයක් නැහැ. වෙළෙඳ ගිවිසුම් අත්සන් කරනවා කියලා ආඩම්බරෙන් කියනවා. කිසිම සැලැස්මක් නැතිව බලයට ඇවිත් රට පාලනය කරනවා. රටේ සම්පත් විකුණමින් පමණක් රට පවත්වාගෙන යනවා. අනික් පැත්තෙන් ජනතාවට බදු ගහනවා. මේ රට වනසන ආණ්ඩුව තව දුරටත් වැනසීමට කලින් දුර්දාන්ත පාලනය පලවා හැරිය යුතුයි.
– චාමින්ද කරුනාරත්න
Jul 16, 2018
Home
slide
හම්බන්තොට වරායේ සිටින නාවික හමුදාව චීනයට බිම් කුලිය ගෙවයි.. වරාය ගිවිසුමෙන් ලංකාවට වියදමක් පමණයි.. ලාභ සියල්ල චීනයට..
හම්බන්තොට වරායේ සිටින නාවික හමුදාව චීනයට බිම් කුලිය ගෙවයි.. වරාය ගිවිසුමෙන් ලංකාවට වියදමක් පමණයි.. ලාභ සියල්ල චීනයට..
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
