වැලිගම ප්‍රදේශයේ පුද්ගලයෙකුට ජපානයෙන් වාහන දෙකක් අපනයනය කිරීම සඳහා ආනයන අපනයන දෙපාර්තමේන්තුව ලබා දී තිබූ නිර්දේශය අවලංගු කරන බව පවසා එම පුද්ගලයාගෙන් රුපියල් ලක්ෂ දෙකක අල්ලස් මුදලක් ලබා ගත් එම දෙපාර්තමේන්තුවේ ආනයන අපනයන පාලකයා ඊයේ (20) පන්නිපිටිය තලවතුගොඩ ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගත් බව
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්දසිරි මහතා පැවසීය.
පැමිණිලිකාර වැලිගම ප්‍රදේශයේ පුද්ගලයා වසර දහයක් පැරණි වාහන දෙකක් ජපානයෙන් අපනයනය කිරීම නිර්දේශයක් සඳහා ආනයන අපනයන දෙපාර්තමේන්තුවට ඉල්ලුම් පහක් යොමු කර තිබී ඇතැයි පොලිසි කියයි.
එම නිර්දේශය ඔහු වෙත ලබා දී ඇති අපනයන ආනයන පාලකයා රුපියල් ලක්ෂ දෙකක මුදල් නොදුන්නොත් එය අවලංගු කරන බව එම පුද්ගලයාට පවසා ඇතැයි පොලිසිය කියයි.
එකි මුදල සැකකාර අපනයන ආනයන පාලකයා ඊයේ (20) සිය මොටර් රථයෙන් පැමිණි වැල්ගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයාගෙන් ලබා ගනිද්දී අත් අඩංගුවට ගත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වැඩි දුරටත් පැවසීය.
Jul 20, 2018
ආනයන අපනය දෙපාර්තමේන්තු ලොක්කා අල්ලස් ගනිද්දී අතටම අසුවෙයි
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
