ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා.
මුදල් අමාත්‍යාංශය සදහන් කළේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 8 කින් ඉහල යන බවයි.
ඒ අනුව රුපියල් 137 ක්ව පවතින එම වර්ගයේ
පෙට්‍රල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 145 ක්.
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 7 කින් ඉහළ යන අතර එහි නව මිල වන්නේ රුපියල් 155 ක්.
ඩීසල් ලීටරයක් රුපියල් 9 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 118 ක් වනවා.
සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් ඉහළ දැමීමත් සමග එහි නව මිල වන්නේ රුපියල් 129 ක්.
IOC ඉන්ධන මිල වැදී කරයි
ලංකා අයි. ඕ.සී සමාගම ද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිය ඉන්ධන මිල ඉහළ නංවා තිබෙනවා.
එම මිල ඉහළ නැංවීම සංස්ථා ඉන්ධන මිල ඉහළ නැංවීමට වඩා ඉහළ අගයක් ගැනීම විශේෂත්වයක්.
ලංකා අයි. ඕ.සී ප්‍රකාශයට පත් කළ නව මිල ගණන් වලට අනුව ලංකා ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 118 ක් වන අතර, එක්ස්ට්‍රා මයිල් ලීටරයක නව මිල රුපියල් 122 ක්.
ලංකා සුපර් ඩීසල් හෙවත් යුරෝ - 04 ලීටරයක නව මිල රුපියල් 129 ක් වන අතර, ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක නව මිල රුපියල් 146 ක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ලංකා අයි. ඕ.සී එක්ස්ට්‍රා පිි‍්‍රමියම් හෙවත් යුරෝ - 3 ලීටරයක නව මිල රුපියල් 149 ක් ලෙසත්, එක්ස්ට්‍රා ප්‍රිමියම් 95 හෙවත් යුරෝ - 04 ලීටරයක නව මිල රුපියල් 158 ක් ලෙසත් ප්‍රකාශයට පත් කෙරුණා.
පෙට්‍රල් සහ ඞීසල් අලෙවියෙන් සමාගමට දරන්නට සිදුව ඇති පාඩුවෙන් කොටසක් ගෙවා ගැනීම සදහා අදාළ මිල වැඩි කිරීම සිදුකළ බවයි ලංකා අයි. ඕ.සී. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සභාපති සිද්ධාර්ත් අගර්වාල් විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
Jul 5, 2018
ඉන්ධන මිල ගණන් යළි ඉහළට
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
