රජය විසින් ඉන්ධන මිල ඉහල දැමීම සම්බන්ධයෙන් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
මිල සූත්‍රය ජනතාවගෙන් සගවා ඉන්ධන මිල ඉහළ දැමීම හෙලාදකිනවා.
මිල සූත්‍රය අනුව ඉන්ධන මිල ක්‍රියාත්මක කරන බව කී රජය මිල සූත්‍රය ජනතාවට නොපෙන්වා 2018/07/05 දින මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට කටයුතු කිරීම අප සංවිධානය දැඩිව හෙළා දකින අතර මෙරට ජනතාවට ඉන්ධන මිල සූත්‍රය කුමක්දැයි බලා ගත හැකි අකාරයට මිල සූත්‍රය ප්‍රසිද්ධ කරන ලෙස රජයෙන් අප ඉල්ලා සිටිමු.
රාජ්‍ය දූෂණය ඉහවහා ගොස් ඇති මෙම අවස්ථාවේ එම දූෂණ නැවැත්වීම සදහා පිළියම් නොකරන රජය දිනෙන් දින ජනතාව පීඩාවට පත් කරමින් භාණ්ඩ හා සේවා මිල ඉහළ දැමීම සදහා කටයුතු කරමින් සිටී.මෙරට මැති ඇමතිවරැන් සුර සැප විදිද්දී ඔවුන් බලයට පත් කල ජනතාව එදා වේල සොයා ගැනීම සදහා දැඩි සටනක නියැලීමට සිදුව ඇත.
ඉතා කෙටිකාලයක් තුළ දෙවතාවක් ඉන්ධන මිල වැඩි කිරීමෙන් රජයේ කළමනාකරන හැකියාව මැනවින් ඉස්මතු වී ඇති අතර විෂය පිළිබදව මෙලොව දැනුමක් නොමැති ඇමතිවරැ හා රාජ්‍ය නිළධාරීන් ලක්ෂ ගණනාවක් කොමිස් ගනිමින් ජනතාවගේ මුදල් මහදවල් කොල්ල කෑම නිසා දිනෙන් දිනම ලංකාව ආර්ථික අගාදයකට ඇද දමමින් සිටින බව කිසිවෙකුටත් තීරැම් ගැනීමට නොහැකි වී ඇත්තේ රජය විසින් ජනතාවට කථා කීරීම සදහා විවිධ මාතෘකා විටින් විට කරළියට ගෙන ඒම නිසා බව අප විශ්වාසයයි.
කෙසේ වෙතත් අප රජයෙන් ඉල්ලා සිටින්නේ ඉන්ධන මිල සූත්‍රය වහා ජනතාවට බලා ගැනීම සදහා ප්‍රසිද්ධියට පත්කරන ලෙසය.
රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය
Jul 5, 2018
Home
slide
මහ රාත‍්‍රියේ ඉන්ධන මිල වැඩි කර ඇත්තේ මිල සූත‍්‍රය සගවලා.. සම්මත කල මිල සුත‍්‍රය කිසිවෙකු දැක නෑ..
මහ රාත‍්‍රියේ ඉන්ධන මිල වැඩි කර ඇත්තේ මිල සූත‍්‍රය සගවලා.. සම්මත කල මිල සුත‍්‍රය කිසිවෙකු දැක නෑ..
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
