චීනය ශ්‍රී ලංකාව ණය උගුලක හිර කර ඇති බවට පළවන වාර්තා බටහිර රටවල මාධ්‍ය ගෙනයන වැරදි මතයක් බව චීන තානාපති කාර්යාලය පවසයි.
නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ හෙළිදරව්ව සම්බන්ධයෙන් පිළිතුරු දීම සඳහා ඊයේ (05) කොළඹ චීන තානාපති කාර්යාලය තෝරාගත්
මාධ්‍යවේදීන් පිරිසක් සමග මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා තිබු අතර එහිදී අදහස් දැක්වූ චීන තානාපති කාර්යාලයේ ප්‍රකාශකයා එබව සඳහන් කළේ ය.
ලංකාවේ ණය වලින් චීන ණය 10.6% යි
2017 ශ්‍රී ලංකාවේ මහබැංකු වාර්තාව අනුව ශ්‍රී ලංකාවේ මුළු විදේශ ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 51.824ක් බව පැවසූ චීන තානාපති කාර්යාල ප්‍රකාශකයා, එයින් චීනයට ගෙවීමට ඇත්තේ ඇමෙරිකානු ඩොලර් බිලියන 5.5ක් පමණක් බවත් සඳහන් කළේය.
ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත විදේශ ණය මුදලෙන් චීනයට ගෙවීමට තිබෙන්නේ 10.6% ක් පමණක් බව චීන තානාපති කාර්යාල ප්‍රකාශකයා පෙන්වා දී තිබේ.
එම සාකච්ඡාවට එක්ව සිටි චෝදනාවට ලක්ව සිටින චීන වරාය සමාගම වන චයිනා හාබර් ඉංජිනියරින් සමාගම හිටපු ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට මූල්‍යාධාර ලබාදුන් චෝදනාව ප්‍රතික්ෂේප කරන බව පැවසීය.
2015 දී පොලිස් පරීක්ෂණයක් :
මේ සම්බන්ධයෙන් 2015 වසරේ ශ්‍රී ලංකා පොලිසිය පරීක්ෂණයක් පැවැත්වූ බව සමාගමේ නියෝජිතයා එහිදී තහවුරු කර තිබෙන අතර එම පරික්ෂණයට තම සමාගම පූර්ණ සහාය ලබාදුන් බවද පවසා තිබේ.
තම නිලධාරීන් 2015 සිදුවූ පරීක්ෂණවලට සහාය දැක්වූ බවත් නිසි සාක්ෂි නොමැති නිසා එම පරීක්ෂණය ඉදිරියට නොගිය බවත් සමාගමේ නියෝජිතයා වැඩිදුරටත් සඳහන් කළේය.
(ජායා - බීබීසී සිංහල සේවය)
Jul 5, 2018
'මහින්දට මුදල් දුන්නේ නෑ' - චීනය කියයි
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
