පොරොන්දු ඉටු නොකළොත් ආණ්ඩුව පෙරළනවා – සම්බන්ධන් අනතුරු අගවයි - Neth News Blog

Jul 6, 2018

පොරොන්දු ඉටු නොකළොත් ආණ්ඩුව පෙරළනවා – සම්බන්ධන් අනතුරු අගවයි

ඉදිරියේදි පැවැත්වෙන මැතිවරණය කුමක් වුවද ඊට පෙර උතුරේ ජනතාවට දුන් ‍පොරොන්දු ඉටු කිරීමට රජය අ‍පොහොසත් වුවහොත් ආණ්ඩුව විරෝධී ඕනෑම බලවේගයක් සමග එක්ව රජය පෙරළා දැමීමට කටයුතු කරන බව විපක්ෂ නායක ආර්. සම්බන්ධන් පවසයි.

තමන් හා උතුරේ ජනතාව ඉකුත් ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල
සිරිසේන ජනපති පත් කර ගැනීමට පූර්ණ සහය දැක්වූ නමුත් එදා ඔවුන් ජනතාවට දුන් ‍පොරොන්දු ඉටු කිරීමට මතෛක් ක්‍රියාකර නැති නිසා උතුරේ ජනතාව රජය කෙරේ කලකිරීමෙන් සිටින බවද විපක්ෂ නායකවරයා කීවේය.

උතුරේ ජනතාව රජය සමග ඇති කලකිරීම පසුගිය පළාත් පාලන මැතිවරණයේදී පෙන්වා ඇති බවද ඔහු පවසයි.