ලංකා ඛනිජතෙල් සංස්ථාවේ සභාපති ධම්මිකර රණතුංග මහතාගේ පරිහරණය සඳහා කෝට් දෙකහමාරකට වැඩ වටිනාකමකින් යුත් වොල්වෝ XC90 රථයක් ගෙන්වා ඇති බව වාර්තාවේ.
ධම්මිකර රණතුංග මහතා ලංකා ඛනිජතෙල් තොග නිමාවේද සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර එම තනතුරට අදාලවද මීට මාස
06කට පමණ පෙර කෝටි 03කට ආසන්න මුදලක් වැය කර නවතම BMW රථයක් ගෙන්වාගෙන තිබේ.
එමෙන්ම චන්දිම වීරක්කොඩි මහතා ඛනිජතෙල් ඇමතිවරයාව සිටියදීද මීට වසරකට පමණ පෙරද එවකට ලංකා ඛනිජතෙල් සංස්ථාවේ සභාපති ධුරය හෙබවූ ජයසිංහ මහතාගේ පරිහරනය සඳහාද නවතම BMW රථයක් රුපියල් කෝටි 03කට ආසන්න මුදලක් වැය කරමින් ගෙන්වා තිබී ඇත.
එසේ තිබියදී නැවත රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් වැය කර නවරත වොල්වෝ වර්ගයේ රථයක් ගෙන්වීම මුදල් නාස්ති කිරිමකි. එමෙන්ම මාසයෙන් මාසයට ඉන්ධන මිල ඉහළ දමන ආණ්ඩුවට මෙවැනි නාස්තිකාරී වියදම් සඳහා අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන්ද මේ වනවිට සේවකයින් තුළ විරෝධයක් මතුවෙමින් තිබේ.
Jul 6, 2018
ඛනිජ තෙල් සභාපතිට කෝටි දෙකහමාරකට වැඩි සැප රියක් ගෙන්වයි
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
