අනුරාධපුර දීපානි විද්‍යාලය ඉදිරිපිටදී සන්නද්ධ කණ්ඩායමක් විසින් තියුණු ආයුධ වලින් කපා කොටා පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ නුරාධපුර වන්නියන්කුලම් ප්‍රදේශයේ පදිංචිව සිටි 45 හැවිරිදි සුජීව ප්‍රසන්න කුමාර හෙට්ටිආරච්චි නම් තිදරු පියෙකි.
මෙයට කලකට පෙර සිය දියණියට අතවර කිරීමට උත්සහ කළ
පුද්ගලයෙකුට පහර දීම නිසා එයට පළිගැනීමක් ලෙස මෙම ඝාතනය සිදු කර ඇති බවයි මියගිය පුද්ගලයාගේ ඥාතින් පවසයි.
මීට මාස 10කට පමණ ඉහත විවාහ මංගල්‍ය උත්සවයකදී සුජීවගේ පුතණුවන් සහ එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකු අතර ගැටුමක් ඇති වී ඇතිඅතර එම ගැටළුව සමතයකට පත්කිරීමට සුජීවගේ දියණිය මැදිහත්වී තිබිණි. එම අවස්ථාවේ කෝපයට පත් එම පුද්ගලයා විසින් ගැටුමට මැදිහත්වූ දියණිය නිරුවත් කොට ඇති අතර එම අවස්ථාවේ වහා ඉදිරිපත්වූ ඇයගේ පියා සුජීව විසින් එම පුද්ගලයාට පහරදී තිබේ. ඉන්පසුව වරින් වර එම පුද්ගලයා ඇතුළු කණ්ඩායමක් විසින් සුජීවගේ පවුලට තර්ජන එල්ලකොට ඇති අතර දියණියන් දෙදෙනාට ඇසිඩ් ප්‍රහාරයක් එල්ලකරන බවටද තර්ජනය කොට තිබුණි. මේ පිලිබඳ සුජීව පොලිසියට පැමිණිලි කලත් ඉන් පලක් වී නොමැත.
මේ අතරවාරයේ ඊයේ පස්වරු 3ට පමණ සුජීවගේ වාහන අලුත්වැඩියා කිරීමේ වැඩපොළට පැමිණි පුද්ගලයෙකු සිය මොර්ටර් රථය ක්‍රියා විරහිත වූ බව පවසමින් ඔහුව දීපානි මහ විද්‍යාලය අසලට රැඟෙන ගොස් තිබේ.එම ස්ථානයට ළඟා වනවාත් සමඟම තියුණු ආයුධ අතැතිව මෝටර් රථයකින් පැමිණි සිව් දෙනෙකු සුජීව කපා කොටා ඝාතනය කර පළා ගොස් තිබිණි.
විවාහ මංගල්‍ය උත්සයවයේදී තමන්ව නිරුවත් කිරීමට කළ පිරිස විසින් සිය පියා ඝාතනය කළ බවයි මියගිය සුජීවගේ දියණිය චෝදනා කරයි.
"මම වෙඩින් එකේ නට නට ඉද්දි මල්ලිට ගහලා..මම එතනට යද්දී මගේ ඇඳුම් ඔක්කොම ගලවලා දැම්ම ඒගොල්ලෝ එකතුවෙලා..අපේ තාත්තා "ඇයි මගේ දුවගේ ඇඳුම් ගැලෙව්වේ කියල අහද්දී තාත්තට ගහලා දැම්මා...ඊට පස්සේ පණිවිඩ එවනවා මටයි අක්කටයි ඇසිඩ් ගහනවයි කියලා..."
මියගිය සුජිවගේ බිරිඳ දැක්වූ අදහස්
"මගේ දුවට ගහලා..මගේ අත කඩලා..එකට මගේ මහත්තයා එකක් ගැහුවා කියලා තමයි මගේ මහත්තයාව කැපුවේ..පොලීසියට කිව්වට ඇහුවේ නැහැ ...මරණ තර්ජන තිබ්බ මාස 10 ම..හරියටම ඇත කපනවා..බෙල්ල වෙන් කරනවා කිව්වා...ඒ විදියටම කළා...බඩවැල් ඇදලා තිබ්බා..මම ඇස් දෙකට දැක්කා...
චමින්ද, උදාර, සාගර, සමීර රොෂාන් , නාලක, කුමාරසිංහ අප්පුහාමි, මේ ඇය ඔක්කොම මගේ මහත්තයාව කෑලි වෙන්න කැපුවා...මගේ ළමයාගේ ඇඟම නිරුවත් කළා...ඔක්කොම ගැලෙව්වා කෙල්ලගේ ඇඳුම්...මුන්ව නිදහස් කරනවා අනිවාර්යෙයන්..එක කරන්න එපා කියන්න..."
සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කරන අනුරාධපුර පොලිසිය පැවසුවේ ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයින් සිව් දෙනෙකු හඳුනා ගෙන ඇති නමුත් මෙතෙක් ඔවුන්ට අත්අඩංගුවට ගෙන නොමැති බවයි.
Jul 6, 2018
දියණිය නිරුවත් කළ පාපතරයන්ට පහරදුන්නාට ජීවිතයෙන් වන්දිගෙවූ පියා
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
