බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අලුගෝසුවන් දෙදෙනකු බඳවා ගැනීමට පියවර ගෙන තිබේ. එම දෙපාර්තමේන්තුව හදිසියේම මේ පියවර ගන්නට යන්නේ මරණ දඬුවම නැවත ක්‍රියාත්මක කිරීමට තමන් අනුමැතිය ලබාදෙන බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගියදා කළ ප්‍රකාශයෙන් අනතුරුවය. මෙම බඳවා ගැනීමට අදාළ දැන්වීමක් ඉදිරි සතියේදී ජාතික පුවත්පත්වල පළ කිරීමටද නියමිතය.
මෙම තනතුර සඳහා 2014 වසරේදී බන්ධනාගාර
දෙපාර්තමේන්තුව විසින් සම්මුඛ පරීක්‍ෂණයක් මඟින් පුද්ගලයන් දෙදෙනකු තෝරාගෙන තිබූ නමුත් පුහුණුව අතරතුරදී ඔවුන් දෙදෙනා සේවය හැර යෑම හේතුවෙන් වසර කීපයක් තිස්සේ මෙම අලුගෝසු තනතුරේ පුරප්පාඩුව ඇතිවී තිබිණි.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා පවසන්නේ සම්මුඛ පරීක්‍ෂණයක් මඟින් මනා ශරීර සෞඛ්‍ය තත්ත්වයෙන් යුත් පුද්ගලයන් දෙදෙනකු බඳවා ගෙන මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන ආකාරය මෙන්ම බන්ධනාගාර නීති රෙගුලාසි පිළිබඳවද මනා දැනීමක් හා පුහුණුවක් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.
මරණීය දණ්ඩනය ලත් පුද්ගලයන් ගෙලෙන් එල්ලා මැරීමේ නීතිය 1779 සැප්තැම්බර් මස 23 වැනි දින සිට මෙරට ක්‍රියාත්මක වූ අතර 1977 වසරෙන් පසුව එසේ එල්ලා මැරීම ක්‍රියාත්මක වූයේ නැත.
එම නීතියට අනුව 1812 පෙබරවාරි මස 10 වැනි දින මුල්ම වතාවට එල්ලා මරා දමා ඇත්තේ ඉංගිරියේ පදිංචිකරුවකු වන කළුඅප්පු නමැත්තාය. එසේ එල්ලා මරා දමා ඇත්තේ එවකට මෙරට පාලනය කළ ඉංගී්‍රසීන්ට ද්‍රෝහී වීම නිසාය. කැලණි ප්‍රදේශයේ එළිමහන් පෝරකයකදී මෙම දඬුවම ක්‍රියාත්මක කර තිබේ. අවසන් වරට එල්ලා මරාදමා ඇත්තේ තිස්සමහරාමය ප්‍රදේශයේ පදිංචි කම්කානම්ගේ චන්ද්‍රදාස හෙවත් 'හොඳ පපුවා' නමැති අයෙකි. 1976 ජුනි මස 23 වැනි දින වැලිකඩ බන්ධනාගාරය තුළදී එම දඬුවම ක්‍රියාත්මක කර තිබේ.
Jul 12, 2018
අළුගෝසු තනතුරට අයදුම්පත් කැදවයි!
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
