එල්ලා මැරීමේ තීරණයට ක්‍ෂමා සංවිධානයේ විරෝධය - Neth News Blog

Jul 12, 2018

එල්ලා මැරීමේ තීරණයට ක්‍ෂමා සංවිධානයේ විරෝධය

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම පැමිණවීමට ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ගත් තීරණය ගැන ජාත්‍යන්තර ක්‍ෂමා සංවිධානය (ඇමනෙස්‌ට්‌ ඉන්ටර් නැෂනල්) සිය දැඩි විරෝධය දක්‌වා ඇත.

මරණ දඬුවම පැමිණවීම අත්හිටුවීමට ශ්‍රී ලංකා රජය ක්‍රියාකළ බවත් එය නැවත වරක්‌ ක්‍රියාත්මක කිරීමට ගත් තීරණය මානව හිමිකම්
කවුන්සිලයට දුන් ප්‍රතිඥාව කඩ කිරීමක්‌ බවත් ඇමනෙස්‌ට්‌ ඉන්ටර්නැෂනල් ආයතනය කියා සිටී.

ශ්‍රී ලංකා රජයේ මෙම තීරණය ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය කිරීමක්‌ බවද එම ආයතනය කියා සිටී.