ගෙවීගිය තුන්වසරේදී ජනාධිපතිවරයා හා අගමැතිවරයා වෙනුවෙන් වාහන ලබා ගැනීමේදී වැඩි මුදලක් වැයකර ඇත්තේ අගමැතිවරයා බව මුදල් අමාත්‍යංශයේ වාර්ෂික වාර්තාවෙන් හෙළිව තිබේ.
එම කාලයේදී ජනපතිවරයා වෙනුවෙන් ලබාගෙන ඇති මෝටර් රථවල වටිනාකම රුපියල් 14 කෝටි අනූ දෙලක්ෂ
අසූතුන්දහසකි(149,283,000/-) . රුපියල් විසිහය කෝටි නවලක්ෂ හතලිස් අට දහසක් (260,948,000/-) අගමැතිවරයා සිය මෝටර් රථ වෙනුවෙන් වියදම් කර තිබේ.
අගමැතිවරයා වෙනුවෙන් පවතින වාහන මුළු සංචිතයේ වටිනාකම රුපියල් තිස්නව කෝටි විසිලක්ෂ විසිදෙදහසක් (392,022,000/-) වන අතර ජනාධිපතිවරයාගේ මුළු වාහන සංචිතයේ වටිනාකම රුපියල් තුන්සිය අසූ හතර කෝටි අසූ එක්ලක්ෂ හතලිස් හත්දාසක් (3,848,147,000/-) වේ.
කෙසේවුවද, එම වටිනාකමින් රුපියල් තුන්සිය පනස් අටකෝටි හැත්තැඑක්ලක්ෂ අනූ නවදහසක් (3,587,199,000/-) ක මෝටර් රථ ගෙන ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටියදීය.
Jul 12, 2018
ජනපතිගේ වාහන බිල අගමැති පන්නලා !
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
