ජනපති අද 'මරණ දඬුවම' ගැන කැබිනට් මණ්ඩලය දැනුවත් කරයි - Neth News Blog

Jul 23, 2018

ජනපති අද 'මරණ දඬුවම' ගැන කැබිනට් මණ්ඩලය දැනුවත් කරයි

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඩුවම ලබාදීම සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා විශේෂ කමිටුවක් අද (24) පත් කිරීමට නියමිතව තිබෙනවා.

නීති, බන්ධනාගාර සහ අධිකරණය යන අදාළ ක්‍ෂේත‍්‍රවල ප‍්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් ඒ පිළිබඳව සාකච්ඡාවක් ද අද පැවැත්වීමට නියමිත බවයි දේශපාලන ආරංචි පැවසුවේ.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අද පැවැත්වෙන
කැබිනට් මණ්ඩලයේ දී ඇමතිවරුන් දැනුවත් කිරීමට ද නියමිතව තිබෙනවා.

මේ අතර ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණය සම්බන්ධයෙන් මතුව තිබෙන තත්ත්වය පිළිබඳව ද අද පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා කරනු ඇති.