ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක හා Mövenpick හෝටලයේ කාමරයක සිටි බව කියන නෝවේජියානු තරුණිය තමා ඔහු හා සිටියේ සිය කැමැත්තෙන් බව ප්‍රකාශකර ඇතැයි වාර්තා වේ.
මේ බව හෙළිව ඇත්තේ නෝර්වේ රාජ්‍යයේ විදේශ තරුණියන්ට අතවර කල බව කියන සිද්ධියයකට කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට
ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ධනුෂ්කගේ මිතුරෙකු සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුවකදීය.
සන්දීප් ජූඩ් සෙල්ලයියා නැමැති බ්‍රිතාන්‍ය විදෙස් ගමන් බලපත්‍රයක් හිමි තැනැත්තෙකු මෙසේ අතවර කළ බවට චෝදනා එල්ලවී ඇති අතර ඔහු ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඊයේ (23) නියෝග කළාය.
ඉදිරි දින සැකකරු හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සදහා ඉදිරිපත් කරන ලෙස ටත් මහේස්ත්‍රාත් වරිය නියෝග එහිදී නියෝග කළාය.
නෝර්වේ ජාතික රෙජී බර්ගර් බැකන්ෆීල් යන අය සිදු කළ පැමිණිල්ලකට සිදු කළ විමර්ශන අනුව කොල්ලුපිටිය පොලිසිය සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
ධනුෂ්කගේ මිතුරියක ආධාරයෙන් අදාළ තැනැත්තා අන්තර් ජාල මුහුණු පොත හරහා විදේශ තරුණියන් දෙදෙනා හදුනාගෙන ඇති අතර ක්‍රිකට් ක්‍රීඩකයා නැවති සිටි කොල්ලුපිටිය පිහිටිය සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ සිටි මේ තරුණියන් ගෙන්වා ගෙන අදාළ තරුණයා සිටි Mövenpick හෝටලයේදී සැකකරු බලහත්කාරයෙන් විදේශ තරුණිය දුෂණය කළ බවට ඇය පැමිණිලි කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කර ඉදිරි දින අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලෙස කොල්ලුපිටිය පොලිසියට මහේස්ත්‍රාත්වරිය මෙහිදී නියෝග කර තිබේ.
Jul 23, 2018
ධනුෂ්ක හා නෝවේජියානු තරුණිය සිට ඇත්තේ කැමැත්තෙන් !
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
