පාර්ලිමේන්තු හා අමාත්‍ය මණ්ඩල රැස්වීම්වලදී සංග්‍රහ කටයුතු සඳහා යොදා ගනු ලබන පිටි හා තෙල් සහිත කෙටි කෑම වෙනුවට විජලනය කරන ලද පලතුරු ලබාදීම අනිවාර්ය කිරීම සඳහා වූ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර කටයුතු
යොදා තිබෙනවා.
රට පුරා පාසල් ආශ්‍රිතව කෙටි කෑම හෙවත් ෂෝට් ඊට්ස් බහුලව අලෙවි වන බැවින් එය වැළැක්වීම සඳහා විජලනය කළ පලතුරු පාසල් පද්ධතිය වෙත හඳුන්වාදීම වඩා යෝග්‍ය බව සිය අමාත්‍යාංශ නිලධාරීන්ට පෙන්වා දී ඇති අමරවීර, පාසල් දරුවන්ට ආදර්ශයක් ලෙස පාර්ලිමේන්තුවෙන් හා අමාත්‍ය මණ්ඩලයෙන් එය හඳුන්වා දියයුතු බවද සඳහන් කර තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකාවේ වගා කෙරෙන කෙසෙල්, අඹ, දොඩම්, අන්නාසි මෙන්ම වරකා යන පලතුරු විජලනය කර පාර්ලිමේන්තුවේ හා අමාත්‍ය මණ්ඩල රැස්වීම් සඳහා මෙලෙස ලබා දීමට සැලසුම් කර ඇති බව සඳහන්.
කෙසේවුවද, මෙම වසර අවසාන වීමට ප්‍රථම යන්ත්‍රයක මිල රුපියල් මිලියන 80ක් පමණ වන පලතුරු විජලනය කිරීමේ යන්ත්‍ර 10ක් ජර්මනියෙන් ආනයනය කර පළාතකට එක් යන්ත්‍රයක් බැගින් කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ලබා දීමටද අමාත්‍ය මහින්ද අමරවීර තීරණය කර තිබෙනවා.
ඒ අනුව පලතුරු විජලනය කිරීමේ කර්මාන්තයේ නිරත වීමට කැමැත්තක් දක්වන්නන්ට ඒ සඳහා අවශ්‍ය තාක්‍ෂණය, මූල්‍යාධාර, පුහුණුව මෙන්ම වෙළෙඳපොළ අවස්ථා සලසා දීමද කෘෂිකර්ම අමාත්‍යාංශය හරහා සිදු කිරීමට නියමිත අතර, වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී කාන්තාවන්ට ප්‍රමුඛත්වය ලබා දීමක් සිදු කෙරෙනු ලබන බව පැවසෙනවා.
Jul 23, 2018
අමාත්‍ය මණ්ඩල රැස්වීම්වලදී සංග්‍රහ කිරීමට විජලනය කරන ලද පලතුරු - වියදම මිලියන 800යි
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
