සිය අවසරයකින් තොරව යුද හමුදාවට කිසිදු තොරතුරක් නොදෙන ලෙසට උතුරු පළාත් මහ ඇමති සීවී විග්නේශ්වරන් උතුරු පළාත් රාජ්‍ය නිලධාරීන් වෙත ඊයේ සිදු කළ ප්‍රකාශය මේවන විට සමාජය තුළ මහත් ආන්දෝලනයකට තුඩු දී තිබෙනවා.
පෙරේදා කිළිනොච්චියේ පැවැති උත්සවයක් අමතමින් ඔහු වැඩිදුරටත්
කියා සිටියේ සියළුම පළාත්වලට ස්ව්‍යං පාලනයක් අවශ්‍ය බවයි.
“හමුදාව අපේ නිලධාරීන්ගෙන් හරි රෝහල්වලින් හරි තොරතුරු ඉල්ලුවොත් කරුණාකරලා මට මුලින්ම කියන්න. ඔයාලා මැදිහත් වෙන්න එපා. එහොම ඉල්ලුවොත් ඔයාලා කියන්න, මාව දැනුවත් නොකර කිසිම තොරතුරක් දෙන්න එපා කියලා මම කියලා තියෙන බව. ඒ නිසා හමුදාව ඉල්ලුවා කියලා බය වෙලා තොරතුරු දෙන්න එපා. ඒවගේම මධ්‍යම රජයෙන් එක පාලනයක් වෙනවා, පළාත් සභාවෙන් තවත් පාලනයක් වෙනවා. මේ දෙකම වෙනුවටදැන් තුන්වන පාලනය විදිහට ආණ්ඩුකාරයාගේ පාලනයත් ඇවිල්ලා. මේ සියල්ලෙන්ම අපහසුතාවට පත් වන්නේ අපේ ජනතාව. ඒ නිසා තමයි අපි ෆෙඩරල් ව්‍යවස්ථාවක් ඉල්ලන්නේ. මීට අමතරව පළාත් 9ටම ස්ව්‍යංපාලනයක් අවශ්‍යයි කියලා ඉල්ලීමක් කරන්න ඕන”
මේ සම්බන්ධයෙන් ඊයේදින විවිධ පාර්ශව විවිධ අදහස් පළ කළ අතර එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් ප්‍රශ්ණ කොට සිටියේ ප්‍රධාන අමාත්‍යවරයාගේ ප්‍රකාශය ත්‍රස්තවාදයට උඩගෙඩි දීමක් නොවන්නේද යනුවෙන්.
අමාත්‍ය අජිත් පී පෙරේරා සඳහන් කළේ පළාත් සභා මැතිවරණය ලඟ එන බැවින් විග්නේශ්වරන් ප්‍රධාන අමාත්‍යවරයා සිය ඡන්ද පදනම වැඩි කරගැනීමට මෙවැනි ප්‍රකාශ සිදුකරන්නේ යැයි තමන් සිතන බවයි. මේ රටේ ඇත්තේ එක් ආණ්ඩුවක් පමණක් බවට තමන් විග්නේෂ්වරන් මහඇමතිතුමාට පවසන බවට ද ඔහු සඳහන් කළා. කෙසේ වෙතත් මෙරට ඇති භාෂණයේ නිදහසට අනුව කෙනෙකු සිදුකරන සෑම ප්‍රකාශයක්ම අපරාධ වරදක් නොවන බව ද පැවසුවා.
මේ අතර ජාතික රජයේ ප්‍රතිපත්තිවලට එරෙහිව තීන්දු තීරණ දීමට මහඇමතිවරයෙකුට අසීමිත බලයක් නොමැති බව අමාත්‍ය කබීර් හෂීම් අවධාරණය කළා. එහෙත් ඇතැම් විට ඔහු එය නොදැනුවත්කමින් සිදුකළ ප්‍රකාශයක් විය හැකි බවත් එසේත් නැත්නම් ඒ පිළිබඳව දකුණේ පිරිස් වැරදි අර්ථකතනයක් ලබා දී තිබිය හැකි බවත් ඔහු සඳහන් කළා.
විග්නේෂ්වරන්ගේ ප්‍රකාශය පිළිබඳව අදහස් දැක්වූ අමාත්‍ය සරත් ෆොන්සේකා පැවසුවේ ඔහු හමුදාව වෙත දෙන්න එපා යැයි පවසන තොරතුරු ත්‍රස්තවාදී කටයුතු පිළිබඳ තොරතුරු වනු ඇති බවයි. එලෙස වක්‍රව හෝ ත්‍රස්තවාදයට අනුබල දෙන්නේ නම් ඔහුගේ තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් අතීතයේ ඉතා විපත්තිදායක තත්ත්වවලට රට මුහුණ දුන්නේ මෙවැනි අවස්ථාවල දී නීතිය ක්‍රියාත්මත නොවූ නිසා බවත් සරත් ෆොන්සේකා පෙන්වා දුන්නා.
මේ අතර නීතිය හා සාමය පිළිබද අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර, නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන අය ඊයේ දහවල් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය විග්නේශ්වරන් හමු වී සුහද කතාබහක නිරත වූවා.
එම හමුවෙන් අනතුරුව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර පැවසුවේ පොලීසිය සහ අනෙකුත් දෑ සම්බන්ධයෙන් ප්‍රධාන අමාත්‍යවරයා සමග සාකච්ඡා කළ බවයි.
ප්‍රධාන අමාත්‍යවරයා ඉදිරිපත් කළ කරුණුවලට තමන් එකඟ වූ බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
Jul 13, 2018
විග්නේෂ්වරන්ගේ ප්‍රකාශයට රටම කැළඹෙද්දී ඇමති පොලිස්පති සමග විග්නේෂ්වරන් හමුවෙයි
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
