විග්නේෂ්වරන් අත්අඩංගුවට ගන්නැයි ඒකාබද්ධය ඉල්ලයි - Neth News Blog

Jul 13, 2018

විග්නේෂ්වරන් අත්අඩංගුවට ගන්නැයි ඒකාබද්ධය ඉල්ලයි

හමුදාවට තොරතුරු ලබා නොදෙන ලෙසට ප්‍රකාශ කළ උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සීි.වී.විග්නේෂ්වරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඒකාබද්ධ විපක්ෂය ඉල්ලා සිටී.

ඊයේ (12 දා) කිලිනොච්චියේ පැවති උත්සවයකට එක්වෙමින් ප්‍රධාන අමාත්‍යවරයා උතුරු පලාතේ සියලුම නිලධාරින්ගෙන් ඉල්ලා සිටියේ තමාගේ
විමසීමකින් තොරව හමුදාවට කිසිදු තොරතුරක් ලබා නොදෙන ලෙසයි.

ඊට අමතරව ෆෙඩරල් රාජ්‍යයක අවශ්‍යතාවයක් පවතින බව ද එහිදි ඔහු ප්‍රකාශ කළේය.

උතුරු පලාතේ ප්‍රධාන අමාත්‍යවරයා සිදු කළ මෙම ප්‍රකාශය පිළිබඳව කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් කියා සිටියේ ඔහු අත්අඩංගුවට ගෙන ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි.