සිය ඇමැති තනතුරින් ඉල්ලා අස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රිනී විජයකලා මහේෂ්වරන් නව දේශපාලන පක්ෂයක් පිහිටුවීම සඳහා සැරසෙන බව උතුරේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.
නව පක්ෂය පිහිටුවීම ගැන ඇය මේ වනවිටත් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් සමඟ රහසිගත සාකච්ඡා ගණනාවක්ම
පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.
මහඇමැති විග්නේෂ්වරන්ට අමතරව දෙමළ ජාතික පෙරමුණ නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්, හිටපු මන්ත්‍රීන් වන සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, එම්.කේ. සිවාජිලිංගම් ආදීන්ගේ සහයද විජයකලාගේ පක්ෂයට ලබා ගැනීමට සැරසෙන බවයි උතුරේ දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.
ඊට පෙර ඇය ලන්ඩනයට ගොස් යුරෝපා දෙමළ ඩයස් පෝරා සමාජිකයන් ද හමු වී තිබෙනවා.
ඒ සමඟ ඇය කළ ප්‍රකාශය සම්බන්ධයෙන් දකුණේ දේශපාලන පක්ෂ විසින් දක්වන ලද දැඩි ප්‍රතිචාරය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයට පැමිණිලි කිරීමටද විජයකලා අපේක්ෂා කරන බවයි වාර්තා වන්නේ.
Jul 13, 2018
විජයකලා සහ විග්නේෂ්වරන් රහසේ එක්වෙයි – නව පක්ෂයකට සූදානම්
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
