අලුගෝසු තනතුරට (වධක තනතුරට) බඳවාගන්නා පුද්ගලයාට මෙතෙක් හිමි නොවූ ආකර්ෂණීය වැටුපක් හා අමතර වරප්‍රසාද රැසක් ලබාදීම කෙරෙහි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ දැඩි අවධානය යොමුව ඇතැයි වාර්තා වේ.
දැනට “කම්කරු ශ්‍රේණියේ” තනතුරකට ලැබෙන වධක රාජකාරියේ වැටුප වන රුපියල් 35,000 (සියලු දීමනා සහිතව) රුපියල් 50,000 දක්වා ඉහළ දැමිය හැකිද යන්න මෙහිදී මුලින්ම සලකා බැලීමට නියමිත බවද පැවසේ.
වධක තනතුරු දෙකට බඳවා ගන්නා පුද්ගලයන්ට නිල නිවසක් ලබාදීම, ආරක්ෂක රැකවලුන් සැපයීම කෙරෙහි දැනටමත් යෝජනා වී ඇතැයිද දැනගන්නට තිබේ.
ඒ සමඟම එල්ලා මරණ එක් පුද්ගලයකු වෙනුවෙන් කිසියම් දිරි දීමනාවක් ගෙවීමටද යෝජනා වී ඇතැයි කියති.
මේ අතර සේවය අතහැර ගිය වධකයන් දෙදෙනා නැවත සේවය ලබාදෙන ලෙසට ඉල්ලා බන්ධනාගාර මූලස්ථානය වෙත අභියාචනාවක් ඉදිරිපත් කර ඇතැයිද වාර්තා වේ.
මෙම තනතුරු පුරප්පාඩු වී ඇත්තේ 2013 වසරේ සිටය.
ඉල්ලුම්පත් කැඳවීම මෙම 27දා ගැසට් පත්‍රය මගින් සිදුකෙරේ.
මේ පිළිබඳව බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා කීවේ මෙවර බඳවාගන්නා (වධක තනතුරේ) දෙදෙනාට මෙතෙක් හිමි නොවූ නිල නිවාසයක්, ආරක්ෂක රැකවලුන් දෙදෙනෙක් ලබාදීම ඇතුළු යෝජනා කිහිපයක් ඉදිරිපත් වී ඇති බවය.
මෙම තනතුර සඳහා කාන්තාවන් බඳවා නොගන්නා බවද ඔහු කීවේය.
Jul 21, 2018
වධකයාට ගේකුත් දීල පඩිත් ඉහල දමයි !
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
