'නිව්යෝර්ක් ටයිම්ස්' පුවත්පත තමාට එල්ල කරන ලද චෝදනාව කරළියට පැමිණියේ මීට වසර තුනකට ඉහතදී බවත් එම චෝදනාව විමර්ශනය කිරීමට වත්මන් ආණ්ඩුවට ඕනෑ තරම් කාලයක් තිබුණු අතර මහජන මුදල් වැය කරමින් ගණපූරණයක් පවා නොමැතිව ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුවේ විවාද පැවැත්වීම නුසුදුසු ක්‍රියාවක් බව හිටපු ජනාධිපති
මහින්ද රාජපක්ෂ මහතා 'මව්බිම' පුවත්පතට පවසා ඇත.
පාර්ලිමේන්තුව තුළ මෙවැනි වාද විවාද පවත්වනවාට වඩා රටේ අහිංසක මහජනතාව වෙනුවෙන් කළ යුතු වැඩ බොහෝමයක් වත්මන් ආණ්ඩුවට ඇති බවත් මෙවැනි චෝදනා අසත්‍ය බව රටේ මහජනතාව හොඳාකාරව ඔප්පු කර ඇති බවත් හිටපු ජනාධිපතිවරයා කියා සිටියි.
'මව්බිම' පුවත්පතට අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා මෙසේද සඳහන් කර තිබේ.
ඉදිරියේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ඉදිරිපත් වන අපේක්ෂකයා සම්බන්ධයෙන් දැන් රටේ මතයක් ගොඩනැඟී තිබෙනවා. බොහෝ දෙනෙක් කියන්නේ රාජපක්ෂලා අතර ඒ වෙනුවෙන් ගැටුමක් තිබෙනවා කියලයි.
මේ වගේ ප්‍රශ්න එදාත් තිබුණා. '94 දීත් චන්ද්‍රිකාද එහෙම නැත්නම් අනුර ද කියන ප්‍රශ්නය හැමෝටම තිබුණා. නමුත් සුදුසු නායකයා පත්වුණා. එජාපයේ ලලිත්ද ගාමිණීද කියන ප්‍රශ්නය තිබුණා. නමුත් සුදුසු එක්කෙනා අවසානයේදී පත්වුණා.
මත ගැටුම් පවතින එක හොඳ ලක්ෂණයක්. නිවැරැදි තීන්දු තීරණ ඒ තුළින් මතු වෙනවා.
ඇමෙරිකා ජනාධිපතිවරණය වෙනුවෙන් බැරක් ඔබාමා සහ හිලරි ක්ලින්ටන් අතරත් තරගයක් පැවැතියා. නමුත් අවසානයේදී බැරක් ඔබාමාගේ රජයේ දැවැන්ත භූමිකාවක් හිලරි ක්ලින්ටන් නිරූපණය කළා. එයයි ස්වභාවය. කුමාර වෙල්ගමට සහ වාසුදේවට ඔවුන්ගේ මත ප්‍රකාශ කළ හැකියි.
මෙම ප්‍රකාශ සහ මතිමතාන්තර තුළින් ඉදිරි ජනාධිපතිවරණය සඳහා සුදුසුම අපේක්ෂකයා තේරේවි.
මත ගැටුම් උපක්‍රම ලෙස යොදාගත යුතුයි :
මෙම මත ගැටුම් උපක්‍රම ලෙස යොදාගැනීම කළ යුතුයි. අපිට අවශ්‍ය වන්නේ මේ රටෙහි සියලු බලවේග අප පක්ෂය වටා සහ අපේ ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ පාර්ශ්වය වටා ඒකරාශී කර ගැනීමටයි. ඒ වෙනුවෙන් යම් යම් මත ගැටුම් ඇති වුණාට ප්‍රශ්නයක් නැහැ.
දැන් ඒකාබද්ධ පොදුජන පෙරමුණ ලෙස සන්ධානයක් ඇති විය යුතුයි කියන යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. මේ ආණ්ඩුව පලවා හැරීම වෙනුවෙන් දැවැන්ත සන්ධානයක් ඇති වනවා නම් ඊට නායකත්වය දීමට මා සූදානම්.
වත්මන් ආණ්ඩුව ලෙහෙසියෙන් පලවා හරින්නට අමාරු බව අප දන්නවා. අපි පියවරෙන් පියවර ඉදිරියට යෑමටයි බලාපොරොත්තු වන්නේ.
පළාත් සභා මැතිවරණය තමයි අපගේ ඊළඟ පියවර. ඒ සඳහා සියලු දෙනා සූදානම්. ආණ්ඩුවට විරුද්ධව දැවැන්ත අරගලයක් කිරීමට අප දැන් සූදානම්.
(මව්බිම)
Jul 21, 2018
'නිව්යෝර්ක් ටයිම්ස්' චෝදනාවට විවාද කිරීම නිෂ්ඵලයි - මහින්ද
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
