ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ පුද්ගලයන්ද ගෝඨාභය රාජපක්ෂ මහතාව "හිට්ලර්වරයකු" ලෙස හඳුන්වා දීමට ක්‍රියා කරන්නේ නම්, එම ඒකාබද්ධ විපක්ෂ සාමාජිකයන්ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයේ අවශ්‍යතා ඉටුකිරීමක් සිදුකරන බව ඒකාබද්ධ
විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතා චෝදනා කරයි.
නඩු විභාගයක් සඳහා ඊයේ (09දා) කොළඹ මහාධිකරණයට පැමිණ සිටි අවස්ථාවේ ජනමාධ්‍යවලට අදහස් දක්වමින් ඔහු මේ බව කීවේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී දේශපාලනයට පිවිසෙනු ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය දැඩි භීතියට පත්ව සිටින අතර මේ හේතුවෙන් ඔවුන් ගෝඨාභය රාජපක්ෂ මහතාව "හිට්ලර්ට" සමාන කරමින් අදහස් පතුරුවමින් සිටින බව කීවේය.
එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාස සහ මනෝ ගනේෂන් අමාත්‍යවරුන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හිට්ලර් කෙනකු නොවන බව ප්‍රකාශ කර තිබියදී ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් පුද්ගලයන් හිටපු ආරක්ෂක ලේකම්වරයාව එසේ හඳුන්වාදීම තුළින් ඔවුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයේ අවශ්‍යතාවන් ඉටුකරන පුද්ගලයන් බවට පත්ව ඇතැයි ඔහු යලි යලිත් අවධාරණය කළේය.
වාසුට හා වෙල්ගමට දුන් උත්තරයක් !
ඔහු එම කාරණය සඳහන් කලේ වාසුදේව නානායක්කාර හා කුමාර වෙල්ගම යන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිල්ටරිකරණ දේශපාලන ව්‍යාපෘතිය විවේචනය කරමින් පසුගිය දින කිහිපයෙහි ප්‍රසිද්ධියේ කල ප්‍රකාශ වලට ප්‍රතිචාර දක්වමිනි.
ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජන්ම දින සැමරුම් පිංකම් උත්සවය අතරතුරදී අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි නාහිමියන් සිදුකළ ප්‍රකාශය තරයේ හෙලා දකින බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටි ඒකාබද්ධයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ,අනුනායක හිමියන් විසින් සදහන් කල ආකාරයේ මිලිටරි ආණ්ඩුවකට තමන් සම්පූර්ණයෙන්ම විරුද්ද බවත් යම් හෙයනික් එවන් තත්වයක් උද්ගත වුවහොත් පක්‍ෂයෙන්ද ඉවත් වී ජීවිතයද පරදුවට තබා සටන් කරන බවත් අවධාරණය කර සිටියේය.
ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තමන් බලාපොරොත්තු වන බවත් රට තුල මිලිටරි පාලනයක් ඇති වුවහොත් ඊට තමන් දැඩි විරෝධය පල කරන බවද ඔහු වැඩිදුරටත් පැවසිය.
Jul 9, 2018
"ගෝඨා 'හිට්ලර්' කිරීමේ මෙහෙයුමට ඒකාබද්ධයේ ඇතැමුන් හවුල්" - මහින්දානන්ද
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
