මහ බැංකු මංකොල්ලය පිළිබඳ මුලින්ම ප්‍රශ්න කළේ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් වන අතර එසේ ප්‍රශ්න කිරීමේදී එජාප මන්ත්‍රීවරුන් එය මගහැරවීමට උත්සාහ කළ බවත් පසුව ජනාධිපතිවරයා මැදිහත්ව කොමිසමක් පත්කොට සියල්ල හෙළි කළ බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසීය.
හාරිස්පත්තුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන බලමණ්ඩල රැස්වීම අමතමින්
පෙරේදා (08දා) හෙතෙම මේ බව පවසා සිටියේය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ මහලේකම්වරයා,
“මහ බැංකුව මංකොල්ලකෑම මුලින්ම ප්‍රශ්න කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුනුයි. ජාතික රජයේ හිටපු අග්‍රාමාත්‍යවරයා තමන් යටතට පවරා ගත්ත මහ බැංකුවේ යම් කොටසකින් මහ බැංකුවට විදේශිකයෙකු නායකත්වයට පත් කරලා මහ බැංකුව මංකොල්ල කන්න පටන් ගත්තා. මේ ප්‍රශ්න කිරීමත් සමග ජාතික රජය ඇතුළේ බරපතළ ගැටුමක් නිර්මාණය වෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙය් මන්ත්‍රීවරුන් මේක ප්‍රශ්න කරද්දී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් මේක වහන්න තීරණය කරනවා. අවසානයේදී ජනාධිපතිවරයා මැදිහත් වෙලා කොමිසමක් පත් කරලා මේ සියල්ල හෙළි කරන්න පටන් ගන්නවා. කොහොමද මේ මංකොල්ලකෑම සිදු කළේ කියලා. එක්සත් ජතික පක්ෂය මුලින්ම දෙදරුම් කන්න පටන් ගන්නේ මෙන්න මේ බැඳුම්කර වංචාවත් සමගයි.“යැයි ද පවසා සිටියේය.
Jul 9, 2018
එජාප මන්ත්‍රීවරු බැදුම්කර මංකොල්ලය වහන්න හැදුවා – ශ්‍රීලනිප මහලේකම්ගෙන් එජාපයට චෝදනා
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
