බුද්ධි අංශ ඇස්වලට වැලි ගසා කොටි ඩයස්පොරා ලොක්කා ලංකාවට පනී… මන්නාරමේ සමූහ මිනීවල හාරා රහස් වාර්තාවක් ජිනීවා යවලා… - Neth News Blog

Jul 9, 2018

බුද්ධි අංශ ඇස්වලට වැලි ගසා කොටි ඩයස්පොරා ලොක්කා ලංකාවට පනී… මන්නාරමේ සමූහ මිනීවල හාරා රහස් වාර්තාවක් ජිනීවා යවලා…

කොටි ඩයස්‌පෝරාවේ ප්‍රධානතම නායකයකු වූ ඉන්දියානු මහාචාර්ය පෝල් නිව්මන් මන්නාරමේ සමූහ මිනී වළ විමර්ශනයට මෙරටට පැමිණ ඇත්තේ අධ්‍යයන කටයුතු සඳහා යයි දක්‌වමින් බව හෙළිවී ඇත.

මන්නාරම සමූහ මිනී වළ ප්‍රදේශයට උතුරේ කොටි හිතවාදීන්
විසින් මේ පුද්ගලයා රහසිගතව රැගෙන ගොස්‌ ඇති අතර පොලිසියේ බුද්ධි අංශ සහ රජයේ බලධාරීන්ට ඒ බව වසන් වී ඇත.

පෝල් නිව්මන් මන්නාරම මිනී වළ ගැන ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට රහස්‌ වාර්තාවක්‌ යොමු කරමින් එම කැණීම් සිදුකරන ස්‌ථානයේ හමුදා කඳවුරක්‌ තිබූ බවට ප්‍රත්‍යක්‍ෂ කර තිබේ.

තමා මන්නාරමට ගිය බව ඔහු මානව හිමිකම් කවුන්සිලයේදී ප්‍රකාශ කර ඇත.

දිවයින