වත්මන් රජය තම දේශපාලන ප්‍රතිවාදියෙකු ලෙස දකින ගොටාභය රාජපක්ෂ මහතාට හිරිහැර කිරීම සදහා නීතිය අවබාවිතා කිරිමේ උත්සාහයක නිරත වන බව දේශප්‍රේමී වෘතිකයින්ගේ සංසදයේ කැදවුම්කරු ආචාර්ය නාලක ගොඩහේවා මහතා මාධ්‍ය හමුවකදී චෝදනා කලේය.
” අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් පනවා තිබුනා
අවන්ගාඩ් සමාගම සම්බන්දව ගෝටාභය රාජපක්ෂ මහතාට එරෙහිව අල්ලස් නඩුවක් මහෙස්ත්‍රාත් අධිකරණයේ අසනවාට.
මොකද්ද මේ සිද්දිය ? අල්ලස් කොමිසමේ නිසි අවසරයකින් තොරව එහි හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් වරිය ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව අවනගාඩ් සමාගම සම්බන්දයෙන් නඩුවක් ගොනු කරන්නට උත්සහා කලා. නමුත් අභියාචනාධිකරණය තීරණය කර තිබෙනවා ඇය ක්‍රියාකොට තිබින්නේ නීතියට පිටින් ගොස් කියා.
මීට කලකට පෙරත් ගෝටාභය රාජපක්ෂ මහතා සම්බන්දයෙන් මෙවැනි අභියාචනාධිකරණ නඩු තීන්දුවක් අපි දුටුවා. ඒ ඩී ඒ රාජපක්ෂ අනුස්මාරකය ඉදිකිරීම සම්බන්දයෙන් පොදු දේපල පනත යටතේ ගෝටාභය රාජපක්ෂ මහතා ප්‍රශ්න කොට අත් අඩංගුවට ගන්නට පොලිසියෙ මුල්‍ය අපරාද විමර්ශන කොට්ටාශය උත්සහ කලා . නමුති අභියාචනාධිකරණය තීරණය කලා ඔවුන් කියන සිද්ධිය කිසිසේත්ම පොදු දේපල පනත යටතට වැටෙන්නේ නැහැ කියා.
මේ සිද්ධීන් දෙක සහ තවත් බොහෝ උදාහරණ තිබෙනවා පෙන්වන්නට රජය තම දේශපාලන ප්‍රතිවාදීන් මර්ධන අවශ්‍යතා වෙනුවෙන් රටේ නීතිය අවභාවිතය කරන්නට උත්සාහ කිරීම පිලිබදව. වාසනාවකට මෙන් මේ අවස්ථා දෙකේදී අප දුටුවා අධිකරණයේ සාධාරණ වීම නිසා ආන්ඩුවේ උත්සහය ව්‍යර්ථ වෙන්වා. නමුත් මේ දුර්දාන්ත ආන්ඩුව මෙයින් නතර වෙන්නේ නැහැ. ඔවුන් දිගින් දිගටම මෙවැනි උත්සාහ වල නිරත වෙනවා ඇති. ඒ නිසා රටේ ජනතාව රජයේ මේ ක්‍රියා පටිපාටිය ගැන දැනුවත් විය යුතුයි. මේ දැන් ජනතාවට කාලය පැමින තිබෙනවා ”
– චමින්ද කරුනාරත්න
Jul 6, 2018
ගෝටාභයට බියවී නීතිය අවනීතිය කරයි.. ගෝටාභය දඩයමට රජය නීතිය නමන හැටි මෙන්න..
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
