පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගම් සමූහයේ අධ්‍යක්ෂක අර්ජුන් අලෝසියස් සහ එහි ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් ඖෂධී පලිසේන යන අයවලූන් බන්ධනාගාරයේ රඳවා තබා ඇති එච් වාට්ටුව තුළ තිබී ජංගම දුරකතන තුනක් සහ සිම් කාඞ් පත් පහක් බන්ධනාගාර විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි නිතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසටර් ජනරාල්
ජනාධිපති නිතිඥ යසන්ත කෝදාගොඩ මහතා අධිකරණයට සදහන් කළේය.
ජනාධිපති නිතීඥවරයා එලෙස සදහන් කරනු ලැබුවේ ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් බැදුම්කර නිකුතුවේදී අක‍්‍රමිකතාවක් සිදුවීම සහ රජයට පාඩු සිදුකළැයි කියන සිද්ධියට අදාළව කොටුව මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ මෙම නඩුව යළි කැදවූ අවස්ථාවේදීය.
අදාළ සිම් කාඞ්පත්වලට අදාළව දුරකතන වාර්තා කැදවා සහ විශේෂ විමර්ශනයක් පවත්වනු ලබන බවද මෙහිදී ජනාධිපති නිතීඥවරයා වැඩිදුරටත් සදහන් කළේය.
එසේම, මෙහි සැකකරුවන් දෙදෙනා ලබන 19 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කළ අධිකරණය සිද්ධියට අදාළ නඩුව එතෙක් කල් තැබීය.
Jul 5, 2018
ඇලොසියස්-පලිසේන සිටින බන්ධනාගාර වාට්ටුවෙන් ජංගම දුරකතන සහ සිම්කාඩ් හමුවෙයි!
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
