ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරුන් සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා අතර විශේෂ හමුවක් අද පළාත් පාලන අමාත්‍යාංශයේදී පැවැත්විණ.
එහිදී, ආනා පුංචිහේවා, සිදත් වෙත්තමුනි, ජයන්ත ධර්මදාස සහ අර්ජුන රණතුංග යන මහත්වරුන් එම සාකච්ඡාවට එක් වූහ. සාකච්ඡාවෙන්
අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍ය අර්ජුන රණතුංග මහතා.
"අපි අතුරු පාලක මණ්ඩලවල හිටපු කිහිප දෙනෙකුත් සාකච්ඡා කරල ක්‍රීඩා ඇමතිතුමාව දැනුවත් කළා ක්‍රිකට්වලට වෙලා තියෙන හානිය ගැන. ඉතින් අපි සියලු දෙනාම අද ආවේ විශ්වාසයක් ඇතුව. මොකද පහුගිය කාලේ අපේ විශ්වාසය බිඳුනා. අපි අලුත් ඇමතිතුමාට අවස්ථාවක් දුන්නා ක්‍රිකට්වල තත්ත්වය තේරුම් ගන්න. ඒ අනුව අපි දැනුවත් කලා මොකද්ද සිදුවිය යුත්තේ කියල. අපේ හුඟාක් කට්ටිය ක්‍රිකට්වලින් එලියට වෙලා ඉන්නේ අනවශ්‍ය පුද්ගලයන් එක්ක අපිට ක්‍රිකට් පරිපාලනයට එන්න අවශ්‍ය නැති නිසා".
"ක්‍රිකට් ක්‍රීඩාව තාම බිම ඇනිලා නෑ. තව ඇනෙන්න යනවා. ඒක නවත්වන්න ඕන.අපිට තීරණ ගන්න බෑ. ඇමතිතුමා සාකච්ඡා කරලා හරි තීරණයක් ගනී කියල අපි බලාපොරොත්තු වෙනවා. ව්‍යවසථාව වෙනස් කරන්න ඕන කියන එකේ අපි හැමදාම ඉන්නවා. ව්‍යවස්ථාව වෙනස් කරන් නැත්නම් මේ රටේ මේ ඡන්ද ක්‍රමය වෙනස් කරන්න බෑ. පාර්ලිමෙන්තුවට යන්න බැරි ඡන්ද බලයක් නැති අය ක්‍රිකට් ආයතන වල අපේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඇවිල්ලා සභාපති හැටියට ඉල්ලුවත් , මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇවිල්ලා ඉල්ලුවත් , රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ඇවිල්ලා ඉල්ලුවත් දැන් ඉන්න පුද්ගලයොත් එක්ක සූදුකාරයොත් එක්ක මේක දිනන්න බෑ. ඒක නිසා අපි ඒවා තේරුම් කරල දුන්නා. ව්‍යවස්ථාව අපි වෙනස් කරන ගමන් ක්‍රිකට් ගැන ඉක්මනටම තීරණ ගත යුතු ක්‍රමවේදය අපි ක්‍රීඩා ඇමතිතුමාව දැනුවත් කළා.මේක වැඩි කල් ගන්න පුලුවන් දෙයක් නෙමෙයි. ලෝක කුසලානය එනවා" .
"අතුරු පාලක මණ්ඩල මේ රටේ තිබිලා තියෙනවා මම දන්න හැටියට 6ක් විතර. දැන් ඉන්දියාවේ කොර්ට් එකෙන් අවසරයක් අරන් තියෙනවා. මම හිතන්නේ එහෙත් දුවන්නේ තේරිච්ච කමිටුවක් නෙමෙයි. ඉතින් මේ ඇවිල්ලා බය කරන්න කියන දේවල්. ක්‍රීඩා ඇමතිතුමා ගිහින් හම්බුනා ක්‍රිකට් කවුන්සිලයේ කට්ටියව. අපිත් හම්බෙලා තියෙනවා. මමත් අතුරු පාලක කමිටුවක හිටියා. මෙතන ඉන්න හුඟක් අය අතුරු පාලක මණ්ඩලයේ සභාපති වෙලා ඉඳලා තියෙනවා. අපි දන්නවා ඒක ඇවිල්ලා පට්ට බොරුවක්. මේගොල්ලන්ට බලයේ ඉන්න පුලුවන් ලොකුම දේ තමයි බය කිරීම. පහුගිය ක්‍රීඩා ඇමතිවරු බය වෙන්න ඇති. මම හිතන්නේ ෆයිසර් ඇමතිතුමාගේ මම දකින්නේ එතුමා හොඳ නීතිඥයෙක්. ඉතින් මේ නීතිය හරියට කියා ගත්තොත් ... විශේෂයෙන්ම මේ ක්‍රීඩා නිතියේ තියෙන වගන්නි 3ක් එතුමාට පෙන්නල දුන්නා. මොකද පහුගිය කාලේ හිටපු ක්‍රීඩා ඇමතිතුමාට ඒ ක්‍රීඩා නීති 3 කියව ගන්න බැරි වුනා. ඉතින් අපි හිතනවා ෆයිසර් මුස්තාපා ඇමතිතුමා ඊට වඩා දක්ෂ නීති මහත්මයෙක් නිසා එතුමා ඒවා බලල හරි පුද්ගලයෝ මේකට ගෙනල්ලා ක්‍රිකට් ක්‍රීඩාව ඉක්මන්ට වෙනස් කරන්න එතුමා සුදුසු පියවර ගන්නවා කියල කිවුවා".
මෙහිදී මාධ්‍යෙව්දීන් නිලවරණවලට ඉදිරිපත්වීම පිළිබඳවද විමසීමක් කළේය. එහිදී අදහස් පැවසූ අමාත්‍යවරයා,
"නෑ. අපි නිළවරණ වලට එන්න කිසිම ආශාවක් නෑ. මොකද නිළවරණ වලට ඇවිල්ලා කිසිම තේරුමක් නෑ. ඒක හුඟ දෙනෙක් තේරුම් අරන් තියෙනවා. අපි ඒක ගැන ඉස්සරහට තීරණයක් ගන්නවා. අපි කියන්නේ ඊට ඉස්සල්ලා ව්‍යවස්ථාව වෙනස් කළ යුතුයි. ව්‍යවස්ථාව වෙනස් කරල තමයි ක්‍රිකට් නිළවරණයකට යන්න ඔනේ. එතකන් මම හිතන්නේ හොඳ පුද්ගලයෝ එන්නේ නෑ. කුණුවෙච්ච හොර කට්ටිය ඉස්සරහට තවත් එයි. ක්‍රිකට් ක්‍රීඩාවේ විනාශය එතන තමයි. මම ආණ්ඩුවේ ඇමතිවරයෙක් විදිහට කණගාටු වෙනවා මේ වෙලා තියෙන දේ ගැන. ඉතින් අපි බලාගෙන ඉන්නවා මේවා ඉදිරියේදී වෙනස් වෙයි කියල".
මෙහිදී අදහස් දැක්වූ සිදත් වෙත්තමුනි මහතා,
"අපිට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි ව්‍යවස්ථාවේ ප්‍රශ්නය. මම හිතන්නේ ඒ ව්‍යවස්ථාව වෙනස් කරනකම් අපේ ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙනියන්න හරිම අමාරුයි. ඡන්ද 147 ක් එක්ක වැඩ කරන්න බෑ. ඒකෙන් ඇතිවෙන අඩුපාඩු ගොඩයි. ඒක නිසා අපි කිවුවේ මේ ව්‍යවස්ථාව මාරු කරල ඉදිරියට යන්න ඕනේ කියල. ඉදිරියට යන විදිහ ඇමතිතුමාට තමයි තීරණයක් ගන්න වෙන්නේ කොහොමද වෙන්න ඕනේ කියල".
Jul 5, 2018
ක්‍රිකට් ගැන අර්ජුනලගෙන් ෆයිසර්ට පාඩමක්
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
