විජයකලා මහේෂ්වරන් රට බෙදන, මීනිමරු, නීති විරෝධි කොටි සංවිධානයේ පාලනය හොද යැයි පසුගිය සතියේ දිනක ප්‍රකාශ කරා මෙන් , නැවත වරක් තමන්ගේ නායකයා ප්‍රභාකරන් බව ප්‍රසිද්ධියේ පවසා ඇති නිසා ඉදිරියේදී ඇයගේ නායකයා රනිල් ද ප්‍රභාකරන් ද යන්න තීරණය එතුමිය ළගදීම ගන්න වෙනවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.
මන්ත්‍රීවරයා මේ අදහස් පළ කරලද්දේ,මුල්ලේරියාව
ටී.බී.ඉලංගරත්න ක්‍රීඩාංගණයේ පැවැති කොළොන්නාව යෞවන සමාජය ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය අවසානයේ දී මාධ්‍ය වෙත අදහස් දැක්වීමට එක් වෙමින්ය.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
“විජයකලා මහේෂ්වරන් හිටපු ඇමතිනියට අද වෙනකොට රට බෙදන, මිනීමරු, නීතිවිරෝධී කොටි සංවිධානය නැවත බල ගැන්වීමේ දැඩි උත්සහයක නිරත වෙනවා. මේ සම්බන්ධව පාර්ලිමේන්තුවේදී මුලින්ම හඩ නගලා මගේ මතය ප්‍රකාශ කළා. ඒ නිසා ඇමතිකමෙන් පවා අද වෙනකොට අයින් වෙන්න සිදුවෙලා තියෙනවා. දැන් නැවත වරක් එතුමිය පසුගිය සෙනසුරාදා ප්‍රකාශ කරලා තියෙනවා එයාගේ නායකයා ප්‍රභාකරන් කියලා. අපි කියන්නේ එයා එක්සත් ජාතික පක්ෂයේ නම් නායකයා වෙන්නේ රනිල් ද ප්‍රභාකරන් ද කියලා තීරණයක් ගන්න වෙනවා. එතුමියට අපේ සාමාජිකයෙක් වෙන්න වටින්නේ නෑ. ඒ නිසා වහාම පක්ෂයේ විනය ක්‍රියාමාර්ගයක් ලෙස සමාජිකත්වයෙනුත් අයින් කරන්න ඕනේ. එතුමිය කියනවානම් ඡන්දය දුන්නේ උතුරේ ජනතාව, ඒ නිසා මන්ත්‍රීධූරය ගලවන්න බෑ කියලා . නමුත් ව්‍යවස්ථා විරෝධි ප්‍රකාශ කරලා තියෙනවානම් , අනිත් දේශපාලනඥයින්ගේ ප්‍රකාශ වලට වගේ දුර්වල තීරණ ගන්නේ නැතිව මේක රට බෙදන ප්‍රකාශයක් නිසා.”
“සාමාන්‍ය සමාජයේ පොල් ගොඩියක් හොරකම් කරන මනුස්සයෙක් හිරේ දානවා වගේ සලකලා නෙමෙයි. ඊට වඩා බරපතල දෙයක්.ඒ නිසා අධිකරණයට කරුණු වාර්තා කරලා සිර දඩුවම් ලබා දිය යුතුයි. එතකොට මාස 06 කට වඩා සිරගත වුනොත් මන්ත්‍රීධූරය අහෝසි වෙනවා. ඒ වගේම රංජන් රාමනායක මහතාගේ දූරකතනයෙන් කතා කරපු නිසා තමයි මේ කතාව එළියට ආවේ. නමුත් මේක තව පැත්තක් තියෙනවා ඒ තමයි. අනිත් කෙනාගේ අවසරය නැතිව මාධ්‍ය ඉස්සරහා මේ කරන දෙය මං පෞද්ගලිකව කිසිසේත්ම අනුමත කරන්නේ නෑ . සදාචාර විරෝධී.” යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
Jul 9, 2018
"විජයකලාගේ නායකයා රනිල් ද ප්‍රභාකරන් ද යන්න තීරණය එතුමියට ළගදීම ගන්න වෙනවා" - මරික්කාර්
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
