ජනාධිපතිවරයාගේ තීරණයට අනුව මරණ දඩුවම කි‍්‍රයාත්මක කිරීම සඳහා නම් නිර්දේශ කිරීමේදී එම තැනැත්තන් බන්ධනාගාරගතවද තවදුරටත් මත්ද්‍රව්‍ය වැරදි සිදුකරන්නේ දැයි තහවුරු කර ගන්නේ කෙසේ දැයි ශී‍්‍ර ලංකා නීතිඥ සංගමය ප‍්‍රශ්න කරනවා. බන්ධනාගාර වාර්තා හෝ පොලිස් වාර්තා මත පමණක් පදනම් වී එවැනි තහවුරුවක් ලබාගැනීම නිවැරදි
නොවිය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
මරණ දඩුවම නියම වූවන් බන්ධනාගාරයේ සිටම මත්ද්‍රව්‍ය වැරදි තවදුරටත් සිදුකරන්නේ නම් බන්ධනාගාර නිලධාරීන්ද ඊට වගකිව යුතු බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.
මෙම කරුණු පිළිබද සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයාගෙන් අවස්ථාවක් ඉල්ලා සිටින බවද ලබන සතිය ඇතුළත එවැනි සාකච්ඡාවක් ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවද ජනාධිපති නීතිඥ යූ ආර් ද සිල්වා මෙහිදී කියාසිටියා.
මේ අතර ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අපරාධ විද්‍යාව පිළිබද ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය උදයකුමාර අමරසිංහ පවසන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට නම් මරණ දඩුවම කි‍්‍රයාත්මක කිරීමත් සමග කළයුතු තවත් දේ කිහිපයක්ද තිබෙන බවයි. දැනුවත් කිරීම සහ පුනරුත්ථාපනය ද ඒ අතර වන බව ඔහු පෙන්වා දුන්නා.
සමාජයීය ආකල්ප වෙනසක් ඇති කිරීමද මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම සදහා අත්‍යවශ්‍ය වන බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.
Jul 12, 2018
ජනපතිගේ තීරණය ගැන නීතිඥ සංගමයට ගැටළුවක්
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
