හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.
ඉන්ධන මිල හැසිරවීම තුළින් ජනතාව සූරාකෑම..
සති අටක කාලයක් ඇතුළත දෙවෙනි වරටත් ඉන්ධන මිලේ වැඩි වීමක්
අපි අත්දකින පළමු අවස්ථාව මෙය විය හැක. අද පෙට්‍රල් ලීටරයක මිල රු.145ක් වන අතර ඩීසල් ලීටරයක මිල රු. 118 ක් වේ. බොරතෙල් බැරලයක අද දවසේ ලෝක මිල ඇමරිකානු ඩොලර් 74 ක් පමණ වේ. මීට අවුරුදු 10 කට පෙර 2008 දී, අද පවතින මිලට වඩා බෙහෙවින්ම ඉහල මිලක් වූ ඇමරිකානු ඩොලර් 97 කට බොරතෙල් බැරලයක් මිලදී ගන්නා අවස්ථාවේදී පෙට්‍රල් ලීටරයක දේශීය මිල රුපියල් 120 ක් වූ අතර ඩීසල් රුපියල් 70ක් විය. අපේ ආණ්ඩුව රට පාලනය කළ අවුරුදු 09 ඇතුළත ලෝක බොරතෙල් මිල හැමදාම පැවතියේ ඉහල මට්ටමකය.
මහ බැංකු වාර්තා වලින් පෙන්වා දෙන පරිදි 2005 නොවැම්බර් මාසයේදී මා මුල්වරට බලයට පැමිණෙන විට බොරතෙල් බැරලයක මිල ඇ.ඩො. 73ක් විය. ඉන්පසු දිගටම එම මිල වැඩි වූ අතර අපේ පාලනයේ අවසන් අවුරුදු හතර වන 2011, 2012, 2013 හා 2014 යන වසර වලදී බොරතෙල් බැරලයක සාමාන්‍ය මිල ඇ.ඩො. 109 කට වඩා වැඩි විය. එම නිසා බොරතෙල් බැරලයකට ඇ.ඩො. 74 ක් යනු අපේ ආණ්ඩුව රට පාලනය කළ සමයට වඩා බෙහෙවින්ම අඩු මිලකි.
අද දේශීය ඉන්ධන මිල අසාමාන්‍ය ආකාරයට වැඩි වී ඇත්තේ ඇයි දැයි ආණ්ඩුව ජනතාවට පැහැදිලි කළ යුතුය. නවතම මිල වැඩිවීම සාධාරණීකරනය කිරීමට මිල සූත්‍රයක් ගැන කතා කරනු අපට ඇසුනත් කිසිවෙකුත් එවැනි සූත්‍රයක් දැක නැත. ආණ්ඩුව මේ සැරසෙන්නේ ඉන්ධන මිල නිතරම අඩුවැඩි කිරීම තුළීන් අවුරුද්ද අවසාන වන විට ඉන්ධන අලෙවියෙන් වැඩි ආදායමක් ලබා ගැනීමටය.
මේ ආකාරයෙන් මිල හැසිරවීම, මහා පරිමාන සිල්ලර වෙළඳ සමාගම් වැඩි ලාබයක් ලබා ගැනීම සඳහා යොදන උපක්‍රමයකි. ආණ්ඩුව මේ ඉන්ධන මිල වැඩි කිරීම සිදුකල සූක්‍ෂම ආකාරයද ජනතාව නිරීක්‍ෂණය කල යුතුය. මුලින්ම ඉන්දීය තෙල් සමාගමට මිල වැඩි කිරීමට ඉඩ දී ලංකා ඛණිජ තෙල් සංස්ථාව පැරණි මිලටම විකුණයි. ටික දවසක් ගොස් ඉන්ධන වලට වැඩි මුදලක් ගෙවීමට ජනතාව හිත හදාගත් පසු ඛණිජ තෙල් සංස්ථාවේ මිලද වැඩි කරනු ලබයි. එක් වරම ඉන්ධන මිල වැඩි කිරීමට වඩා ඒ ආකාරයට වැඩි කිරීමෙන් ජනතා විරෝධය පාලනය කර ගැනීමට ඔවුන් මාන බලයි.
මේ සියල්ල කරනු ලබන්නේ ඉන්ධන මිල හැසිරවීම තුළීන් ජනතාව මහා පරිමාන සූරා කෑමකට ලක් කිරීමට බව පැහැදිලිය.
මහින්ද රාජපක්‍ෂ
ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති
Jul 12, 2018
මං ඩොලර් 97ට බොරතෙල් ගෙනැත් 120ට පෙට‍්‍රල් දුන්නා.. වෙනස සැපද..- මහින්ද අසයි..
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
