පොලොන්නරුව කලහගල ධීවර ගම්මානයේ සිට පොලොන්නරුව දෙසට වියළි ගෝනමස් කිලෝ 8ක් ප‍්‍රවාහනය කරමින් සිටි අයෙකු සමග කුඩා ලොරි රථයක් පරාක‍්‍රම සමුද්‍රය අසලදී අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව වනජිවී කාර්යාලය කියයි.
ඔහු තමන්කඩුව ප‍්‍රාදේශීය සභාවට තරඟකළ එජාප අපේක්ෂයකු බව
කියනු ලැබේ. පොලොන්නරුව වනජිවී කාර්යාලයට ලැබුණු තොරතුරකට අනුව පරාක‍්‍රම සමුද්‍ර වේල්ල අසල රැඳි සිටි වනජිවී නිලධාරින් එම ලොරි රථය නතර කරන ලෙස පැවැසුවත් එය වනජිවී නිලධාරීන්ගේ යතුරුපැදියත් හප්පාගෙන පොලොන්නරුව දෙසට නොනවත්වා ගමන් කර තිබේ.
පසුව වනජිවී නිළධාරින් ලුහුබැද ගොස් ලොරි රථය නවත්වා පරික්ෂා කිරිමේදී එහි තිබි වියළන ලද ගෝනමස් කිලෝ 8 ක් හමු වී ඇත එවිට සැකකරු වනජිවී නිලධාරින්ට පවසා ඇත්තේ තමන් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙකු බවත් පසුගිය මැතිවරණයේදී තමන්කඩුව ප‍්‍රාදේශීය සභාවට අපේක්ෂකයකු ලෙස තරග කළ බවත්ය
අත්අඩංගුවට පත් වියළි ගෝන මස් සහ ලොරි රථය සැකකරු සමග පොලොන්නරුව අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව පොලොන්නරුව වනජිවි කාර්යාලය පවසයි
Jul 12, 2018
ගෝන මස් කිලෝ 8ක් සමග එජාප අපේක්ෂක අත්අඩංගුවට
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide


