එජාප පසුපෙළට කෝටි 50 බැගින් දීම අනුමතයි - Neth News Blog

Jul 6, 2018

එජාප පසුපෙළට කෝටි 50 බැගින් දීම අනුමතයි

ආසන මට්ටමින් සංවර්ධන වැඩ කටයුතු සඳහා රුපියල් කෝටි 50ක මූල්‍ය ප්‍රතිපාදන මන්ත්‍රීවරයකුට ලබාදෙන ලෙසට අග්‍රාමාත්‍යවරයාගෙන් කරන ලද ඉල්ලීමට එකඟතාවය පළවී ඇතැයි එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමේ සාමාජිකයෙක් පැවසීය.

එම මුදල් ලබාදෙන්නේ කෙසේද යන්න සාකච්ඡා කිරීම සඳහා
එළඹෙන සතියේ අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡාවක් පැවැත්වෙන බවද එම මන්ත්‍රීවරයා කීය.

දැනට දන්වා ඇති පරිදි එම මුදල් අමාත්‍යාංශ හරහා නිකුත් කිරීමට තීරණය වී ඇතැයි හෙතෙම කීය.

එලෙස මුදල් ලබාගන්නා අය අධීක්ෂණ මන්ත්‍රී ධූර ලබානොගෙන සිටීමටද තීරණය කළ බව එම මන්ත්‍රීවරයා පැවසීය.