මාලිංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්න සූදානම් - ලංකාවට ආ වහාම මාධ්‍ය හමුවක් කැඳවා කරන්න යන දෙයක් ගැනත් හෙළිවෙයි - Neth News Blog

Jul 10, 2018

මාලිංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්න සූදානම් - ලංකාවට ආ වහාම මාධ්‍ය හමුවක් කැඳවා කරන්න යන දෙයක් ගැනත් හෙළිවෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට සූදානම් වන බව වාර්තාවෙයි.

කැනඩා ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා  ලසිත් මාලිංග මේ වන විට විදෙස් ගතව සිටින අතර ඔහු දිවයිනට පැමිණි වහාම මාධ්‍ය හමුවක් කැඳවා සිය
සමුගැනීම ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

මාලිංග ලබන සතියේදී දිවයිනට පැමිණීමට නියමිත අතර, සමුගැනීමෙන් අනතුරුව ඔහු පන්දු යැවීමේ උපදේශකයෙකු ලෙස කටයුතු කිරීමට නියමිත බවටද වැඩිදුරටත් වාර්තා වේ.

කොතරම් දක්ෂතා දැක්වුවද වත්මන් තේරීම් කමිටුව ඔහුට දිගින් දිගටම අවස්ථාව ලබා නොදීම හේතුවෙන් ඔහු මෙම තීරණය ගෙන තිබේ.