ඉන්ධන මිල ඉහල දැමේ… පෙට‍්‍රල් 08කින්.. ඞීසල් 10කින්.. - Neth News Blog

Jul 10, 2018

ඉන්ධන මිල ඉහල දැමේ… පෙට‍්‍රල් 08කින්.. ඞීසල් 10කින්..

සිපෙට්කෝ ඉන්ධන බෙදුම්හල්වල අද මධ්‍යම රාත්‍රියේ සිට පෙට‍්‍රල් හා ඞීසල් මිල ගණන් ඉහල දමා තිබේ.

ජනාධිපතිවරයා හා මුදල් ඇමතිවරයා ඇතුළු පිරිසක් සමගින් සිදු කරන ලද
සාකච්චාවකින් පසු මෙම මිල වැඩි කිරීම සිදු කර ඇත.

ඒ අනුව,

ඔක්ටේන් 92 පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 08 කින්
ඔක්ටේන් 95 පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 07 කින්
ඩීසල් ලීටරයක් රුපියල් 09 කින්
සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 10 කින්
ඉහල දමා තිබේ.

ඒ අනුව ඉන්ධන නව මිල ගණන් මෙසේය.

ඔක්ටේන් 92 පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 145
ඔක්ටේන් 95 පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 155
ඩීසල් ලීටරයක් රපියල් 118
සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 129

පසුගියදා තෙල් සංස්ථාව විසින් ඉන්ධන මිල වැඩි කලද පසුදිනම නැවත එම මිල නැංවීම අහෝසි කරන ලදී.