එල්ලා මරන ලිපිවලට අත්සන් කරන්න මා සූදානම්..- ජනාධිපති - Neth News Blog

Jul 11, 2018

එල්ලා මරන ලිපිවලට අත්සන් කරන්න මා සූදානම්..- ජනාධිපති

මත්ද්‍රව්‍ය ජාවාරම් හේතුවෙන් මරණ දණ්ඩනය නියම කර බන්ධනාගාරයේ රදවා සිටින්නන් බන්ධනාගාරයේදීද මත්ද‍්‍රව්‍ය ජාවාරෙම් නිරත වුවහොත් ඔවුන් එල්ලා මැරීම සදහා වන ලිපි සදහා තමන් අත්සන් තබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

මහනුවර දිස්ත්‍රික් මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනට ගැටඹේ
ක‍්‍රීඩංගණයේදී අද එක්වමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

තම එකම අරමුණ සමාජය වෙලා ගෙන ඇති මත්ද්‍රව්‍ය උවදුරින් රට මුද ගැනීම යයිද ඒ මහතා එහිදී කීය.