අනුරාධපුර මිහින්තලය ප්‍රදේශයේ ප්‍රබල දේශපාලනඥවරියකගේ වත්තකින් පොල් ගෙඩි 30ක් පමණ කඩාගත් පාසල් සිසුන් සිවු දෙනෙකු අල්ලා ගැනීමට උසස් පොලිස් නිළධාරිකයෙකු ලවා පොලිස් නිළධාරීන් 25 දෙනෙකු යෙදවූ පුවතක් මිහින්තලයෙන් වාර්තාවෙයි.
අදාළ දේශපාලනඥවරිය පාර්ලිමේන්තුව නියෝජනය කරන්නියක් වන
අතර අදාළ පාසල් සිසුන් පිරිස ඇතුළු වී ඇත්තේ කලත්තෑව ප්‍රදේශයේ ඇයට අයත් බව කියන ඉඩමකටය.
මීට දින හතරකට පෙර එම වත්තට අතුළු වූ සිසුන් පිරිස කුරුම්බා සහ පොල් ගෙඩි තිහක් පමණ කඩාගොස් ගෙන තිබූ අතර, එය ආරංචි වූ වහාම එම සිසුන් පිරිස අත්ඩඅංගුවට ගන්නා මෙන් අදාළ දේශපාලන බලවතිය උසස් පොලිස් නිළධාරියෙකුට නියෝග කර තිබේ.
එහිදී වහාම ක්‍රියාත්මක වී ඇති මෙම උසස් නිළධාරියා අදාළ ස්ථානයට පොලිස් නිළධාරින් 25 දෙනෙකු යවා පොල් කැඩූ පාසල් සිසුන් පොල්ගෙඩි 15ක්ද සමග අත්අඩංගුවට ගෙන තිබේ
කෙසේ වෙතත් වත්තෙන් පොල් කඩා ඇත්තේ බාලවයස්කාර පාසල් සිසුන් පිරිසක් බව අදාළ උසස් නිළධාරියා දේශපාලන බලවතියට දැනුම් දී ඇති අතර ඔවුන් පාසල් සිසුන් නම් අධිකරණයට ඉදිරිපත් කිරීම අවශ්‍ය නැති බව ඇය එම උසස් පොලිස් නිළධාරියාට පවසා ඇත.
නමුත් පාසල් සිසුන් පිරිස මෙම දේශපාලන බලවතියගේ නිවසට යවා සමාව අයැදීමට කටයුතු කරන ලෙස උසස් නිළධාරියා පරීක්ෂණ කළ පොලිස් නිළධාරියාට දන්වා ඇති අතර එය කිසිසේත්ම ඉටුකළ නොහැකි බව එම නිළධාරියා උසස් නිළධාරිවාරයාට පවසා ඇත.
පසුව පාසල් සිසුන් සිවු දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීම අනවශ්‍ය බව අදාළ දේශපාලන බලවතිය පැවසූ නිසා දරුවන්ගේ මව්පියන් එහි යවා ඇගෙන් සමාව ඉල්ලීමට කටයුතු කර ඇති අතර දරුවන් පිළීබඳව අවධානයෙන් සිටින ලෙස ඇය ඔවුන්ට දැඩිව අවවාද කර ඇති බව වාර්තාවේ.
Jul 11, 2018
Home
slide
දේශපාලන බලවතියගේ වත්තෙන් හොර පොල් 30ක් කැඩූ පාසල් දරුවන් සිව් දෙනෙක් අල්ලන්න නිළධාරීන් 25ක් යොදවලා!
දේශපාලන බලවතියගේ වත්තෙන් හොර පොල් 30ක් කැඩූ පාසල් දරුවන් සිව් දෙනෙක් අල්ලන්න නිළධාරීන් 25ක් යොදවලා!
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
