ස්වාධීන රූපවාහිනී ආයතනය ආණ්ඩුවේ ඇමැතිවරයෙකු හට විකිණීමට සැලසුම් සිදුවෙමින් පවතින බව මාධ්‍යවේදී සුදර්මන් රදලියගොඩ මහතා ඊයේ (24) පැවසීය. යුක්තියට හඬක් සංවිධානය මගින් බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී
පැවැත් වූ මාධ්‍ය හමුවකදී හෙතෙම මෙම අදහස් පළ කළේය.
හම්බන්තොට වරාය හා මත්තල ගුවන්තොටුපල ශ්‍රී ලංකා රජයෙන් ඉවත් කිරීමට කටයුතු කළ ආකාරයෙන් ස්වාධීන රූපවාහිනී ආයතනයද පාඩු ලබන රාජ්‍ය ආයතනයක් ලෙස පෙන්වා විකිණීමට අවශ්‍ය සාකච්ඡා සිදුව තිබෙන බවද ඒ මහතා සඳහන් කළේය.
2015 දෙසැම්බර් 31 වන විට ලාභ ලැබූ ස්වාධීන රූපවාහිනී ආයතනය සේවකයන්ට එදා ඉහළ බෝනස් මුදලක් ලබාදුන්නද මේ වන විට එය පාඩු ලබන බැවින් සේවකයන්ට රුපියල් 3000ක බෝනස් දීමනාවක් පමණක් ලබාදෙන බව හෙතෙම පැවසීය.
රූපවාහිනී නාළිකා ශ්‍රේණිගත කිරීමවල ඉහළ සිට 6 වැනි ස්ථානයදක්වා පහළ බැස තිබෙන එම ආයතනය විකාශනය කරන ටෙලිනාට්‍ය දේශපාලනීකරණයට ලක්වී ඇතැයිද රදලියගොඩ මහතා මෙහිදී ප්‍රකාශ කළේය.
ස්වාධීන රූපවාහිනියේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයෙකු, නිෂ්පාදනය කරන ටෙලිනාට්‍ය පමණක් එහි විකාශන කරන බවත්, එම නාට්‍යවල රඟපාන නළු නිළියන්ගේ දේශපාලන පක්ෂය කුමක්දැයි බලධාරීන් නිතර සොයා බලන බවත් ඔහු පැවසීය.
විශ්‍රාම ගිය සේවකයන්ට ආයතනය ඇතුළට පිවිසීමට නොහැකිවන සේ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙන බවද මෙහිදී හෙතෙම සඳහන් කළේය.
වත්මන් ආණ්ඩුව බලයට පත් වූ පසුව සභාපතිවරුන් හතර දෙනෙකු ස්වාධීන රූපවාහිනියට පත් කර තිබුණු බවද සුදර්මන් රදලියගොඩ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.
Jul 24, 2018
Home
Unlabelled
ස්වාධීන රූපවාහිනිය ප්‍රබල ඇමතිවරයෙකුට විකිණීමේ සැලැස්මක්!
ස්වාධීන රූපවාහිනිය ප්‍රබල ඇමතිවරයෙකුට විකිණීමේ සැලැස්මක්!
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
