ජනපතිට-අගමැතිට උසාවියේ පෙනී සිටින්නැයි සිතාසි නිකුත් කෙරේ… - Neth News Blog

Jul 24, 2018

ජනපතිට-අගමැතිට උසාවියේ පෙනී සිටින්නැයි සිතාසි නිකුත් කෙරේ…

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට හා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට අධිකරණ ඉදිරියේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණය විසින් අද දිනයේ යලිත් නොතීසි නිකුත් කලේය.

පසුගිය ජනාධිපතිවරණයේදී තිස්ස අත්තනායක මහතා විසින් කූඨ ලේඛණ සැකසුවේ යයි විභාග වන නඩුවක් සම්බන්දයෙන් කරුණු
දැක්වීම සදහා මෙසේ අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා ඇත.

එළැඹෙන ඔක්තොම්බර් 09 වැනිදා මෙම දෙදෙනාට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා තිබේ.