රාජ්‍ය මුදල් අවභාවිත කිරීම හා අල්ලස් දූෂණ හා අක්‍රමිකතා සොයා බලා නීතිය ක්‍රියාත්මක කිරීමට පිහිට වූ විශේෂ මහාධිකරණයේ පළමු නඩුව හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් හා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ පියදාස කුඩබාලගේ යන අයට විරුද්ධව ගොනු කිරීමට තීරණය වී ඇතැයි වාර්තාවේ.
නීතිපතිවරයා විසින් එය අගවිනිසුරුවරයාගේ අනුමැතියට ඉදිරිපත් කර
තිබෙන බවත් අනතුරුව සැකකරුවන් වෙත අධිචෝදනා බාරදෙන බවත් පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ (FCID) ජ්‍යෙෂ්ඨ නිලධාරියකු කල විමසීමක දී පැවසිය.
ඊට අදාල නඩුව විශේෂ මහාධිකරණයේ පළමු නඩු කටයුත්ත ලෙස විභාග කිරීමට නියමිත බවද ඔහු පැවසිය.
ශ්‍රී ලංකා රක්‌ෂණ සංස්‌ථාවට අනුබද්ධ සමාගමක් විසින් ඉදිකරන ලද කොල්ලුපිටිය ග්‍රැන්ඩ් හයිඩ් හෝටල් ව්‍යාපෘතියට 2012 වසරේදී වෙන් කළ රුපියල් බිලියන 18.5 ක මුදලින් රුපියල් බිලියන 4 ක් නිසි අවසරයකින් තොරව හම්බන්තොට හයිඩ් රීජන්සි හෝටල් ව්‍යාපෘතියට යොදවා රජයේ මුදල් අවභාවිතය කළේ යෑයි මොවුන් දෙදෙනාට චෝදනා එල්ල වේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රක්ෂණ සංස්‌ථාවේ අධ්‍යක්‌ෂවරුන් ලෙස කටයුතු කළ ගාමිණි සෙනරත්, පියදාස කුඩා බාලගේ හා නීල් බණ්‌ඩාර හපුහින්න යන මහත්වරුන් මිට ඉහතදී රිමාන්ඩ් භාරයට පත්කර සිටි අතර පසුව ඇප මත නිදහස් කර තිබිණ.
රාජ්‍ය මුදල් අවභාවිත කිරීම හා අල්ලස් දූෂණ හා අක්‍රමිකතා සොයා බලා නීතිය ක්‍රියාත්මක කිරීමට පිහිටවූ විශේෂ මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලට , මහාධිකරණ විනිසුරුවරුන් වන සම්පත් අබේකෝන් , සම්පත් විජේරත්න යන මහත්වරුන් හා චම්පා ජානකී රාජරත්න මහත්මිය ඇතුළත් ය.
Jul 15, 2018
විශේෂ මහාධිකරණයේ පළමු නඩුව ගාමිණීට එරෙහිව !
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
