රුසියාවේ පැවැති පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේදී ක්‍රොඒෂියා පිල ගෝල 4-2ක් ලෙස පරාජයට පත් කළ ප්‍රංශය විසිවසරකට පසුව නැවත ලෝක පාපන්දු කිරුළට හිමිකම් කීය.
ඔවුන් සිය පළමු ලෝක කුසලානය දිනාගනු ලැබුවේ 1998 වසරේ ලෝක කුසලාන සත්කාරක රාජ්‍ය වූ අවස්ථාවේදීය.
ක්‍රොඒෂියා පිල පාපන්දු ලෝක කුසලාන අවසන් මහා
තරගයක් සඳහා තරගවැඳුනේ පළමු වරටය.
ක්‍රොඒෂියා කණ්ඩායමේ මැන්ඩ්සුකිච් 18 වැනි විනාඩියේදී වාර්තා කළ ඕන් ගෝලය හෙතුවෙන් ප්‍රංශය ගෝල 1-0ක් ලෙස පෙරමුණ ගත්තේය.
කෙසේ වෙතත් 28 වැනි විනාඩියේදී ක්‍රොඒෂියාව වෙනුවෙන් පෙරිසිච් වාර්තා කළ ගෝලයත් සමගින් තරගය සමවුවත් ප්‍රංශය වෙනුවෙන් දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට ග්‍රිස්මාන් 30 වැනි විනාඩියේදී සමත්වීමත් සමග පළමු අර්ධය 2-1ක් ලෙස ප්‍රංශය පෙරමුණ ගත්තේය.
නැවතත් ප්‍රංශය වෙනුවෙන් පොග්බා 59 වැනි විඩියේදීත් එම්බාබේ 65 වැනි විනාඩියේදීත් ගෝල වාර්තා කිරීමට සමත්වූහ. ක්‍රොඒෂියාව වෙනුවෙන් මැණ්ඩ්සුකිච් 69 වැනි විනාඩියේදි ගෝලයක් වාර්තා කරමින් තරගය 4-2ක් ලෙස සමකළේය.
ඉන් අනතුරුව කිසිම කණ්ඩායමක් ගෝල වර්තා කිරිමට අපොහොසත්වූ අතර ඒ අනුව 2018 වසරේ පාපන්දු ශූරයන් ලෙස ප්‍රංශය සම්මාන ලැබිය.
Jul 15, 2018
ප්‍රංශය විසිවසරකට පසු යළි පාපන්දු ලෝක ශූරයන් වෙයි !
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
