මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මගී පර්යන්තයට ඇතුළු වන ප්‍රධාන පිවිසුමේ මගී ගමන්මලු පරික්ෂා කිරීම සඳහා තිබු එකම ගමන් මලු ස්කෑනර් යන්ත්‍රය අද (11) දින ඉන් ඉවත්කර කොළඹ කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ඒමට කටයුතු යොදා ඇති බව වාර්තාවේ.
මත්තල ගුවන් තොටුපොළ ආරම්භයේ දී මෙවැනි ස්කෑනර් යන්ත්‍ර 06ක්
ගුවන් තොටුපළ පරිශ්‍රයේ ස්ථාන කිහිපයක ස්ථාපිත කර තිබු අතර විටින් විට එම ස්කෑනර් යන්ත්‍ර අතුරින් 03ක් ඉවත්කරගෙන තිබුණි. අද දින මේ ආකාරයෙන් මගී පර්යන්තයට ඇතුළුවන පිවිසුමේ තිබු ස්කෑනර් යන්ත්‍ර ඉවත්කරනු ලැබූ අතර එය එලෙස ඉවත් කළ සිව්වන (04) ස්කෑනර් යන්ත්‍රයයි.
මේ ආකාරයෙන් මගී පර්යන්තයට ඇතුළුවන ස්ථානයේ තිබූ ස්කෑනර් යන්ත්‍රය ඉවත්කර ගැනීම හේතුවෙන් ගුවන් තොටුපොල ආරක්ෂාවට තර්ජනයක් ඇති වන බව මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සේවකයින් පෙන්වාදෙයි.
Jul 11, 2018
ස්කෑනර් ඉවත් කළ නිසා මත්තල ගුවන්තොට අනතුරේ
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
