දඩ මුදල ඩබල් වෙයි,වැරදි ගණනත් වැඩිවෙයි - අලුත් වැරදි 33 ටම ගෙවන්න වෙන දඩ මුදල ලේඛනය මෙන්න! - Neth News Blog

Jul 10, 2018

දඩ මුදල ඩබල් වෙයි,වැරදි ගණනත් වැඩිවෙයි - අලුත් වැරදි 33 ටම ගෙවන්න වෙන දඩ මුදල ලේඛනය මෙන්න!

එළැඹෙන 15දා සිට රථ වාහන වැරදි 33ක් සඳහා නියම කෙරෙන දඩ මුදල වැඩි කෙරෙන බව රථ වාහන පොලීසිය පවසයි.

මීට පෙර දඩ කොළයෙහි සටහන්ව තිබුණේ වැරදි 23ක් වන අතර, එය 33 දක්වා වැඩි කිරීම ද විශේෂත්වයකි.

නව මාර්ග නීති හඳුන්වාදීම යටතේ ජංගම දුරකථන භාවිත කරමින්
රථවාහන ධාවනය කරන රියදුරන්ට සහ ආරක්ෂිත බඳපටි නීතිය උල්ලංඝනය කරන රියදුරන්ට රුපියල් දහසක දඩ පත්‍රිකාවක් නිකුත් කිරීමට ද රජය තීරණය කර තිබේ.

මීට අමතරව වැඩිපුර මගීන් රැගෙන යන බස් රථවල රියදුරන්ගෙන් රුපියල් 500ක දඩ මුදලක් හා ශ්‍රවණ උපකරණ (හැන්ඩ් - ෆ්‍රී) භාවිත කරමින් රිය ධාවනය කළහොත් එයටද දඩ පත්‍රිකාවක් නිකුත් කිරීමට සැලසුම් කර තිබේ.

නව දඩ මුදල් ලැයිස්තුව බලන්න පහතින්