දහසය පිල මේවන විට දෙකඩ වී ඊට එක්වූ අයගේ අරමුණ බිඳවැටී ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
එම කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත්වන විට මූලික අරමුණ වී තිබී ඇත්තේ විපක්ෂය තුළ ශ්‍රීලනිපය වෙනම කණ්ඩායමක් ලෙස ක්‍රියාත්මකවීම හා හිටපු ජනපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ
මහතා අගමැති කරවීම බව පැවසේ.
කෙසේවුවද, මහින්ද අගමැති කරවීමේ සැලැස්ම ඔවුන් ඒකාබද්ධයට එක්වීමත් සමඟ අවසන්වී තිබේ.
එම 16 පිල විපක්ෂයේ වෙනම කණ්ඩායමක් ලෙස සිටීමේ ප්‍රධාන අරමුණ විනාශ කර ඇත්තේ අනුර ප්‍රියදර්ශනයාපා, ජෝන් සෙනවිරත්න, තාරානාත් බස්නායක, සුමේධා ජී ජයසේන හා ලක්ෂමන් යාපා අබේවර්ධන යන පිරිස විසින් බව පැවසේ.
ඒ ඔවුන්ගේ සොයුරන්ට, බෑණලාට, පුත්තුන්ට හා තාත්තලාට මහින්ද රාජපක්ෂ මහතා යටතේ ඉදිරිපත්වන පක්ෂයක් යටතේ පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකත්වයේ පටු අරමුණ ඉදිරියට පැණීම නිසා බව පැවසේ.
කෙසේවුවද, මේ කරනාව සම්බන්ධයෙන් දයාසිරි ජයසේකර අදාළ පිරිස දැඩිව විවේචනය කර ඇති බව වාර්තා වේ.
ඔහු පසුගිය 02 වැනිදා පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ශ්‍රීලනිප නිලධාරී හමුවට සහභාගිවුවද එදිනම පැවැති ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් හමුවට සහභාගිවී නැත්තේ එබැවින් බවද පැවසේ.
Jul 7, 2018
16 පිල කොට උඩ අරමුණ වැට පණියි !
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
