පොලිස් විශේෂ කාර්ය බලකාය සමග ඇතිවූ වෙඩි හුවමාරුවකින් ප්‍රබල පාතාල නායකයෙක් වන ඉරේෂ් සහ තවත් ප්‍රබල පාතාල සාමාජිකයෙක් වන "ජනා" මිය ගොස් තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරි ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතිෆ් ප්‍රකාශ කර සිටියේ ප්‍රබල
පාතාල නායකයින් දෙදෙනෙක් වන මාකදුරේ මදුෂ් සහ අංගොඩ ලොක්කා යන දෙදෙනාගේ කොන්ත්‍රාත් ක්‍රියාත්මක කරමින් පසුගිය කාල සිමාවේ මනුෂ්‍ය ඝාතන රැසක් සිදුකළ පාතාල නායකයා සහ ඔහුගේ ගෝලයා මෙලෙස වෙඩි හුවමාරුවෙන් මරුමුවට පත්ව ඇති බවයි. එමෙන්ම මොවුන් දෙදෙනාට එරෙහිව මනුෂ්‍ය ඝාතනයන් ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් නඩු රැසක්ද අධිකරණය හමුවේ විභාග වන බව ඔහු සඳහන් කර සිටියා.
විශේෂ කාර්ය බලකායට ලද තොරතුරකට අනුව අද (09) දහවල් මහනුවර, කටුගස්තොට මඩවල මාර්ගයේ හදිසි මාර්ග බාධකයක් යොදා සිදුකළ සෝදිසි මෙහෙයුමක් අතර වාරයේදී සැකකටයුතු වෑන් රථයක් පරික්ෂා කිරීමට යාමේදී එහි සිටි පුද්ගලයෙක් ආරක්ෂක අංශ නිළධාරින් වෙත වෙඩි තබා තිබෙනවා.
එහිදී විශේෂ කාර්ය බලකායේ එල්ල කළ ප්‍රතිප්‍රහාර වලින් වෑන් රථයේ සිටි පුද්ගලයින් දෙදෙනා තුවාල ලබා ඇති අතර රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.
මෙම පාතාල සාමාජිකයින් දෙදෙනා පැමිණි වෑන් රථයේ තිබී ගිනි අවි දෙකක් සොයා ගැනීමට විශේෂ කාර්ය බලකායේ නිලධාරින් සමත්ව තිබෙනවා.
Jun 9, 2018
මදුෂ් සහ අංගොඩ ලොක්කාගේ දකුණු අත "ඉරේෂ්" STF වෙඩි පහරින් මරුට
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
