ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර ගල උඩ සටන ආරම්භ වීමේ පෙරනිමිති පහළ වී ඇත.
නියෝජ්‍ය කථානායක ධුරය එක්සත් ජාතික පක්ෂයට හිමිවීමත් සමඟ ජාතික ආණ්ඩුවේ සම්මුතිය බිඳවැටී ඇති බව එක්සත් ජාතික පක්ෂයේත් ශ්‍රී
ලංකා නිදහස් පක්ෂයේත් ජේයෂ්ඨයෝ දෙදෙනෙක් පැවැසූහ.
මේ සමඟම ඇතිවූ ප්‍රධාන සිද්ධි දෙකක් හේතුවෙන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර පවතින සීතල යුද්ධය කරළියට පැමිණ ඇති බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
අග්‍රාමාත්‍යවරයාගේ සොහොයුරු ශාන් වික්‍රමසිංහ මහතාට අයත් ටී.එන්.එල්. රූපවාහිනි සේවයේ පොල්ගහවෙල විකාශනාගාරයට විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව විසින් මුද්‍රා තැබීම සහ ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයාට ප්‍රහාර එල්ල කිරීමට එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් දේශපාලනඥයන් ක්‍රියාකිරීම ගල උඩ සටනට පසුබිම් වූ කරුණු දෙක වශයෙන් සැලකිය හැකිය.
ටී.එන්.එල්. විකාශනාගාර කුලුනට මුද්‍රා තැබීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රිවරු සෘජුවම චෝදනා කරනුයේ ජනාධිපතිවරයාටය.
පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී එක්සත් ජාතික පක්ෂයේ මහාචාර්ය ආශු මාරසිංහ, ආනන්ද අලුත්ගමගේ ඇතුළු මන්ත්‍රිවරු කිහිපදෙනකු ඒ පිළිබඳව ජනාධිපතිවරයාට සෘජුව හා වක්‍රව චෝදනා කරන ආකාරයක් දක්නට ලැබිණි.
මේ අතර එක්සත් ජාතික පක්ෂයෙන් එල්ල වන චෝදනාවලට හොඳ පිළිතුරක් ලබාදීම සඳහා ඇතැම් අමාත්‍යාංශ ජනාධිපතිවරයා යටතට පවරාගන්නා ලෙස ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිහිපදෙනකු සහ 16 කණ්ඩායමේ කිහිපදෙනකු ජනාධිපතිවරයා හට යෝජනා කිරීමට තීරණය කර ඇති බවද වාර්තා වෙයි.
– mawbima
Jun 9, 2018
ගැටුම් දරුණුයි… අමාත්‍යංශ කිහිපයක් ජනාධිපති යටතට පවරාගන්න යයි..?
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
