විවිධ විෂමාචාර චෝදනා ලබා සිටින ඖෂධ සමාගම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ රෝහල් සඳහා ටෙන්ඩර් ඉදිරිපත් කිරීම, විධිමත් පරීක්‍ෂණයකින් පසු නතර කිරීමට සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇත. විශේෂයෙන්ම මිල අධික පිළිකා වැනි ඖෂධ සැපයීම සඳහා, විවිධ විෂමාචාර චෝදනා ලැබූ ඖෂධ සමාගම්
ටෙන්ඩර් ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබීම නිසා මෙම තීරණය ගෙන ඇත.
මෙවැනි විෂමාචාර චෝදනා ලැබූ එක් සමාගමක ඖෂධ ටෙන්ඩර් ඉදිරිපත් කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශය මීට පෙර තහනම් කර තිබේ. එවැනි ඖෂධ සමාගම් ද ටෙන්ඩර ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවට අනාවරණය වී තිබේ. ඇතැම් ඖෂධ සමාගම්වල ඖෂධ හේතුවෙන් රෝගීන් රෝහල්වලදී ජීවිතක්‍ෂයට පත්ව තිබේ.
මේ අතර පිළිකා රෝගීන් සදහා ලබා දෙන ට්‍රැබ්සු සුනැබ් නැමැති ඖෂධය සදහා මෙවර ටෙන්ඩරකරුවන් 05 දෙනෙකු ඉදිරිපත් වී ඇත. විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙකුද ඇතුලත් ඇගයීම් කමිටුවක් විසින් ඉතා නිවැරදිව නෛතික ලෙස තීරණය කර අදාල ඖෂධ නිරීක්‍ෂණය කර සුදුසුම ටෙන්ඩරකරුට ලබා දී තිබේ. නමුත් මෙම ටෙන්ඩරය යටගසා ඇති බවට මාධ්‍ය මගින් පල කරන වාර්තා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ප්‍රතික්ෂේප කර ඇත.
තවද එක් ටෙන්ඩරකරුවකු ඉරානයෙන් ගෙන්වා දෙන බවට සඳහන් කර ඇති මෙම ඖෂධය පිළිබදවද ගැටළු පවතියි. මෙම ටෙන්ඩරකරු සතුව දැනට එන්නත් කුප්පි 150 ක් ඇති බව දැනුම් දී ඇතත් එය ලංකාවට ගෙන එනු ලැබූ පිළිවෙල පිළිබඳව සහ ගෙන ඒමේදි අනුගමනය කළයුතු ශීතකරණ තත්වයන් අනුගමනය කලේ ද යන්න ගැටළු සහගතය. ඉරානයට ණයවර ලිපි විවෘත නොකරන නිසාත් සම්බාධක පවතින නිසාත් වන බවද සැලකිය යුතුය. මෙවැනි සුදුසුකම් නොලත් ටෙන්ඩරකරුවන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ටෙන්ඩර සදහා ඉදිරිපත් වීම දැඩි ලෙස අධීක්ෂණය කිරීමට නියමිතය.
Jun 14, 2018
විවධ විෂමාචාර චෝදනා ලැබූ ඖෂධ ටෙන්ඩරකරුවන් යළි කරලියට, සෞඛ්‍ය අමාත්‍යාංශය අවධානයෙන්
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
