ඥාණසාර හිමි තමන් නිදහස් කරන්නැයි ඉල්ලයි - Neth News Blog

Jun 15, 2018

ඥාණසාර හිමි තමන් නිදහස් කරන්නැයි ඉල්ලයි

හෝමාගම අධිකරණය තුළදී මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට තර්ජන එල්ල කිරීමේ චෝදනාවට වරදකරු කර සිරදඬුවම්, දඩ හා වන්දි නියම කරමින් හෝමාගම මහෙස්ත‍්‍රාත්වරයා ලබාදුන් තීන්දුව හා දඬුවම ඉවත දමා තමන් නිදහස් කරන්නැයි ඉල්ලා බොදුබල සේනා සංවිධානයේ ලේකම්
ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් එම අධිකරණයටම අභියාචනයක් ඉදිරිපත් කර ඇත.

විත්ති පාර්ශවය වෙනුවෙන් ඉදිරිපත් කළ කරුණු නිසි ලෙස විශ්ලේෂණය නොකර වැරදි පදනමක සිට මහෙස්ත‍්‍රාත්වරයා තමන් වැරදිකරු කර ඇතැයි සඳහන් කරන ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ මහෙස්ත‍්‍රාත්වරයාගේ තීන්දුව ඉවත දමා තමන් නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලමින් මෙම අභියාචනයක් ඉදිරිපත් කර ඇත.

බොදුබල සේනා සංවිධාධනයේ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඉදිරිපත් කොට ඇති මෙම පෙත්සමේ වගඋත්තරුකරු වශ්‍යයෙන් නීතීපතිවරයා නම් කර ඇත.

ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ව ඊයේ (14 දා) බන්ධනාරගාරයට රැගෙන ගිය අවස්ථාවේ ඡායාරූප පහතින් දැක්වේ